💋 වැම්පයර් හාදුව 💋
🦇️ අවසානය....🦇️
🖋️ දොලොස්වන දිගහැරුම 🦇️🦇️🦇️
කාලය ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරි තරම් වේගෙන් .අපි දෙන්නගෙ වෙඩින් එක තියෙන්නේ හෙට.ඉතින් මට හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ .ජින්ගෙ ගෙදර වෙඩින් එක තියෙන නිසා එයා අද ගොඩක් බිසී.අද කැතී අපේ ගෙදර නතරවෙන්න ආවා.එයානි මගෙ දෙවෙනි මනමාලි .අපේ අම්මා නම් මූන එල්ලන් හිටියෙ එයා තනිවෙනවා කියලා.කොච්චර බිසී උනත් ජීනුට මාව බලන්න එන්න අමතක උනේ නෑ ..
"හායී....මිස් පීටර්සන් මගෙ වයිෆ් වෙන්න ලෑස්තිද ඔයා..."
"ඔව් මිස්ටර් කිම් සියෝක් ජින් ..මිසිස් කිම්ව පිලිගන්න සේරම ලෑස්තිද ?"
"එහෙමයි උත්තමාවියනි...."😆😆
"මං කැමති නෑ ....එහෙම කතා කරනවට"😡😡😡
"විහිළුවක්නි පැටියො කරේ..කැතී ආවද?"
"හම්.....එයා පහල අම්මා එක්ක.ඒක නෙමේ නම්ජූන් ඔයාගෙ දෙවෙනි මනමාලයා වෙන්න කැමති උනාද?"
"ඔව්....මිනිහා හෙට අනිවාර්යයෙන් එනවා ඔයාව බලන්න ."
"පව් ජීනු එයා...."
"හම්....මේක වෙන්න ඇති ජූන්ගෙ දෛවය.සමහරවිට කැතීට පුළුවන් වේවි ජූන්ගෙ හිත හදන්න .කිම් අංකලුයි ආන්ටියි දෙන්නම එනවා කීවා වෙඩින් එකට ."
"අපි මැරි කරලා මෙහෙන් යමු ජීනු ...ටික කාලෙකට මෙහෙන් යමු එතකොට ජූන්ට ලේසියි එයාගෙ හිත හදාගන්න ."
"ඒක හොඳ අදහසක්.දැන් හොඳ ලමයා වගේ නිදාගන්න හෙට ලස්සනට ඉන්න එපැයි නිදිමරලා මූන කැත කරගන්න එපා..."
"හම්....ඒත් මට අද නින්ද යන එකක්නම් නෑ .."
ජීනු ගිහින් ගොඩක් වෙලා යනකන් මට නින්ද ගියෙ නෑ ..නින්ද ගියත් සැරෙන් සැරේ ඇහැරුනා.උදෙන්ම අපිව ලෑස්ති කරන කෙනා ආවා.මං ඇන්දෙ සුදුපාට චාම් වෙඩින් ෆ්‍රොක් එකක්.ඉතින් මට පුළුවන් උනා චාම් සුන්දර මනාලියක් වෙන්න .තාත්තා මාව ජින්ට බාරදෙන වෙලාවෙ එයාගෙ ඇස් කදුළු වලින් තෙත් උනා .එදා තමා මං දැක්කෙ තාත්තා අඬනවා.අපේ විවාහය පල්ලියේ ෆාදර් ඉදිරියේ සිදුඋනා.ජින් මට එයාගෙ අම්මගෙ වෙඩින් රින් එක තමයි දැම්මෙ.ලොකු නිල් මැනිකක් අල්ලලා තිබ්බ ඒ මුද්ද ගොඩක් ලස්සනයි .අමුත්තො සේරම ඇවිත් හිටියත් ජින්ගෙ දෙවෙනි මනමාලයා තාම ඇවිත් නෑ .....
YOU ARE READING
💋The Vampire Kiss💋 (complete✔️)
Fanfictionවැම්පයර්වරයෙකුගේ ගැලවීමේ සංකේතය වන ආදරණීය හාදුව❤️❤️