Devil
Episode 02
'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'"මේ.... ඔයා Yoongi එක්ක ඔච්චර හොඳට හැසිරෙන්නෙ මොකද?"
College ඉවර වෙලා ගෙදර යන ගමන් Jimin ඇහුවෙ y/nගෙන්. Y/nටික වෙලාවක් සන්සුන්ව Jimin දිහා බලාගෙන ඉඳල කතා කලේ හරියට එයාටත් අමුත්තක් දැනිල වගේ.
"නිකං..."
Y/n ඒක කිව්වෙ ඕනවට එපාවට වගේ. ඒත් Jiminට තේරුනා ඒ ප්‍රශ්නෙ ඇහුවම කෙල්ලගෙ ලොකු වෙනස් වීමක්.
නොකිව්වට y/nට දැනිල තිබුණා ලොකු වෙනසක්. Yoongiව පළවෙනි පාරට දැකපු වෙලාවෙ y/nගෙ හදවතට දැනුනෙ දරා ගන්න බැරි ලොකු වේදනාවක්. ඒ වගේම Yoongi ඉස්සරහදි y/nට පුරුදු නපුරු විදියට හැසිරෙන්න ගොඩක් අමාරු වුණා. ඒ මොකද කියන්න එයාවත් දැනන් හිටියෙ නෑ. y/nකල්පනා කළා එයාට මොකක්ද වෙලා තියෙන්නේ කියල.
"ආන්නොංහාසේයෝ....Chang y/n...."
ඊලඟ දවසේ College ගිය ගමන් ඔයාගෙ මූණටම හම්බවෙන්නේ Yoongiව. Yoongi කියන්නෙ ලේසියෙන් කතා කරන කෙනෙක් නෙවේ. ඒත් එයා y/n එක්ක කතා කරන්නෙ හරියට කලින් ඉඳන්ම දන්නව වගේ.
"ආන්නොංහාසේයෝ... ඔයත් මට Devil කියන්න ඒකට කමක් නැහැ."
"චින්චා කමක් නැද්ද?"
"හ්ම්...ඒක මට පුරුද්දට ගිහින්.."
"මේ.... මං දෙයක් අහන්නද?..."
"හ්ම් අහන්න.."
"ඔයාට මාව මත-..."
Yoongiට අහන්න ගිය දේ අහගන්න වුනේ නැහැ. ඒ වෙලාවෙ College ආපු ජිමිනුත් එතනට කඩා පැන්නෙ කඩා පනින හමුදාව වගේනෙ ඉතිං.
"හී.... හී.... මේ Yoongi පොඩ්ඩක් එනවකො මාත් එක්ක."
මුලින්ම Jimin, y/n එක්ක හිනා වෙලා Yoongiට ඒම කිව්ව එක y/nට ඇල්ලුවෙ නෑ.
"හ්ම් හරි..."
"ආනියා..!!! ඔහොම ඉන්න... Yoongi, මොකක්ද මගෙන් අහන්න හැදුවෙ?"
Y/nගෙ සද්දෙට Jiminගෙ කන් අඩි පැළුනෙ නැති ටික විතරයි.
"නෑ... නෑ.... ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි. මං ඒක පස්සෙ අහන්නම්."
"හ්ම්."
Jimjn, Yoongiව එක්ක ගියේ Class එකෙන් එලියට y/n එනවද බල බල Jimin නතර වුණේ ගහක් ලඟ.
YOU ARE READING
𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃ
FanfictionDevil...!? Oh my god devil means the power of evil. Anyway we know it is something like dangerous one. We always say 'Devil' to horrible, bad, heartless people. Do you like that someone call you as 'DEVIL'? No way...! You don't like it but how y/n b...