CHAPTER 11♥

732 167 36
                                    

ඊළඟ දවසේ ජිමින් වෙන කවරදාටත් වඩා කලින් නැගී සිටියේය. අන්තිමට ඔහු අද මිස්ටර් ජොන් නැවත හමුවෙනවා.... එය දින දෙකක් පමණක් වූ නමුත් ජිමින්ට පිස්සු හැදිමට එය ප්‍රමාණවත් වූයේ ඔහු තම ගුරුවරයා කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වූ බැවිනි.

අනෙක් පැත්තෙන් mr jeon ඔහු පළමු වරට ජිමින් ව පන්තියේදී හමු වූ අවස්ථාවේදී ම ඔහුට ආකර්ශනය විය.

ජිමින් තම ගුරුවරයාව වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ වර්ගයේ සුවඳ විලවුන් වර්ග කිහිපයක්ම භාවිතා කළේය...

ජිමින් උදේ ආහාරය ගැනීම සඳහා පහළට ගියේය. ඔහුගේ මව දැනටමත් රැකියාවට ගොස් ඇති අතර ඔහු තනිව සිටියේය. ඔහු සහ ඔහුගේ මව අතර හොඳ සම්බන්ධතාවයක් නොතිබුනි .mrs.පාර්ක්,උදැසන ම රැකියාව සඳහා පිටත්ව යන බැවින් ඔවුන් දෙදෙනා වැඩිය හමුනොවිය..

ජිමින්ගේ පියා කුඩා අවදියේදී ඔවුන් හැර ගිය අතර ජිමින් කිසි දිනෙක ඔහුගෙන් කිසිවක් අසා නැත. ඔහුගේ පියා ජීවතුන් අතර සිටින බව ඔහුට දැනුම් දුන් එකම දෙය ඔහුගේ බැංකු ගිණුමයි. සෑම මසකම ඔහු යම් මුදලක් ජිමින්ගේ ගිණුමට මාරු කළේය.

ජිමින් ආහාර ගැනීම අවසන් කර ඔහුගේ ඔරලෝසුව දෙස බැලීය. එය අට හමාර වු අතර පාසල අටට ආරම්භ වේ. පාසල එතරම් දුර නොවුනත් ඔහුට බස් රථයක යාමට සිදුවිනි.... ඔහු බස් රථයවල යෑමට අකමැති වූයේ එය සෑම විටම තදබදයෙන් පිරී තිබූ හෙයිනි.

"Good morning සර්." ඔහු ආචාරශීලීව පැවසුවේ ය..

"ජිමින්." ඔහුගේ ගුරුවරයා පිළිතුරු දුන්නේය.

තම ගුරුවරයා ඔහු දෙස නොබැලුව නමුත් mr. Jeon යම් කිසි ප්‍රශ්නයකින් පෙලෙන බව ජිමින් දුටුවේ ය.

"මට දැන් වෙලාවක් නැහැ. ඔයාව පන්තියේදී හම්බවෙන්නම්."

mr jeon, ඉක්මනින් ජිමින් ව එතන තනිකර දමා පිටත් විය... එක්වරම Jungkook ට කුමක් වි ඇත්ද යි ජිමින් සිතුවේ ය...

♦♦

ජිමින් ගෙදර යාමට සැරසෙන විට වෙලාව හතරහමාරට ලං විය . mr. Jeon මුළු දවසම ඔහුව නොසලකා හැර ඇති අතර එයට හේතුව ජිමින් දැන සිටියේ නැත. ඇත්තෙන්ම එය ඔහුට මහත් වේදනාවක් විය...

𝔻𝔼𝕊𝕀ℝ𝔼;||  COMPLETED ||Where stories live. Discover now