4 ** Tҽɳ αɳԃ Nυƚ **

438 67 101
                                    

Ten's pov...............

" අද අපි රෑ කෑමකට එළියට යමුද ? නට් මං ගාවට ඇවිල්ල ඇහුවා......

" අපි දෙන්න විතරක් ?

"ඔව් හැබැයි ඔයා කැමති නැත්තන් කමක් නෑ ඉතින්....

" නෑ මට ප්‍රශ්නයක් නෑ හරි අපි යමු මං ජෙස් ට call කරල කියන්නම් මං අද රෑට ගෙදර ඉද්දි පරක්කු වෙනවා කියලා....

" ආ හරි හරි.........

නට් එක පාරටම මට diner එකකට එන්න කිවුවා...මන් අදි මදි නොකරම හා කිවුවේ එයා එක්ක එලියට යන්න වුනත් මාත් කැමැත්තෙන් හිටිය නිසයි ......මන් ජෙස් ට කෝල් කරලා කිව්වා....ඊට පස්සේ ඔෆිස් වෙලාවෙන් පස්සේ මම නට් එක්ක රෑ කෑමට එළියට ගියා .

" මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා . ඒකයි මන් අද ඔයා එක්ක එළියට ආවෙත්..............නට් කියන්න හදන දේ මම දන්නවා. ඒත් ඒ දේට ඇහුම්කන් දෙන්න වත් ඒකට react කරන්නේ කොහොමද කියලාවත් මට තේරෙන්නෑ....

" මං දන්නවා ඔයා කියන්න හදන දේ

" ඔව් ඔයා දන්නවා ඇති... ජෙස් ඔයාට කියන්නත් ඇති . ඒත් ඒක මමම ඔයාට කියන එකයි හොඳ....නට් එහෙම කියලා කියල මගේ අතින් ඇල්ලුවා....

එතකොට ජේස් ට මොකද වෙන්නේ  . ඊළඟ තත්පර කිහිපය මගෙ ඔලුවට ආවෙ ඒක.nat මගෙන් ඇහුවොත් මට එයාට බැහැ කියන්න බැහැ . මොකද මම නොදැනුවත්ම මගේ හිතේ දැන් එයාට කැමැත්තක් ඇතිවෙලා . එය කොහෙත්ම මගේ විදිහෙ කෙනෙක් නෙමෙයි . නමුත් එයා එක්ක ගෙවෙන හැම තත්පරයක්ම මට ගොඩක් ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා .

" ten මම ඔයාට කැමතියි...ඔයා හිතනවාටත් වඩා මං ඔයාට ගොඩක් කැමතියි....

" ඒත් ඔයා jess එක්ක එක රැයක් හිටිය නේද ?

" ඔව් මං දන්නවා ඒක වැරදියි මම වැරැද්දක් තමයි කළේ......ඒත් ඒ හැමදේම අතීතේ වුණු දේවල්.ඒක අමතක කරලා ඔයාට බැරිද මට අවස්ථාවක් දෙන්න . හරි ඔයා දැන්ම ඒකට උත්තරයක් දෙන්න ඕන්නෑ ......

" හරි හරි මට ටික කාලයක් දෙන්න

මම නට් ට කැමතියි . එයා ජෙස් එක්ක තිබ්බ සම්බන්ධය ඇත්තටම ඒක අතීතයේ වුණු දෙයක් . ඒක ඇත්ත මට එයාගේ අතීතය වැඩක් නෑ . එයා ගොඩාක් හොඳ කෙනෙක්. ඒත් මම ජෙස් ටත් කැමති . එයත් මට කැමතියි කිව්වා තමයි ...ඒත් එයා ගොඩක් සෙල්ලක්කාර චරිතයක් . එදා රෑයින් පස්සෙ අපි දෙන්න අතර වුණු දේවල් එයා නිකමටවත් කතා කළේ නෑ . හැබැයි එයා මාව මග ඇරියෙත් නෑ . එයාට සම්බන්ධකම් කියන්නේ ගොඩක් සරල දෙයක් .....ඉතින් එතකොට අපි දෙන්නා අතර වුණු දේවල් මෙයාට සාමාන්‍ය දේවල් . එය ඒවා ගැන හිතනවා ඇත්තේ එයා කියනවා වගේ  friends with benefits විදිහට වෙන්න ඇති ......

✳️ 𝑵𝑶 𝑪𝑯𝑶𝑰𝑪𝑬 ✳️Donde viven las historias. Descúbrelo ahora