ඔලුව පුපුරු ගගන වේදනාවක් එක්ක උදේම සොන්හා නගිට්ටෙ ඔෆිස් යන්න හිතාගෙන..දකුනු අතෙන් දැනුන සියුම් වේදනාව නිසා සොන්හා අත දිහා බැලුවා..මුලු අතම බැන්ඩේජ් කරලා.ඒ වෙලාවෙ සොන්හා බැලුවෙ මිරර් එක දිහා..ඒත්මුලු කාමරේම පිලිවෙලට තිබ්බා..කැඩුනු බිදුනු හැමදේමා ඒ ඒ තැන් වල තිබ්බා වගේම."මේ වගේ ඇයි මගෙ ජීවිතෙත් හැදුවෙ නැත්තෙ ග්‍රෑන් පා"
සොන්හා බර හුස්මක් එක්ක බාත් රූම් එකට ගිහින් උදේන සීතල වතුරෙන් නා ගත්තා..සොන්හගෙ නිරුවත් උරහිස් වලට සීතල වතුර කැට ටිකක් තදින් වැටෙද්දි ඒ කීරි ගැහෙන සීතලට අවනත වෙලා වගේ සොන්හා ශවර් එක යට ඇස් පියා ගත්තේ හැමදාම වගේ නම්ජුන් ගෙ වල ගැහෙන කම්මුල් හදවතේ රූප මවාගෙන.
පැයකට ත් වඩා වෙලාවක් නාගෙන එලියට ආපු සොන්හා ගෙ ඇස් හෙව්වෙ අද අදින ඇදුම..බිග් හිට් එකේ ෆයිනලයිස් වීක් එක නිසා සොන්හට යන්න උනේ බිග් හිට් එකට..ඒ එක්කම හවස එස් එම් ගෲප් එකත් එක්කත් මීටින් එකක් දාගෙන තිබ්බ නිසා සොන්හා ඔෆිස් වෙයාරින් අදින්න හිතුවා.
බ්ලැක් හයිවෙස්ට් පෑන්ට් එකට අයිස් බ්ලූ බ්ලවුස් එක ඇදලා චූටි මේකප් එකකුත් දාගෙන සොන්හා කාමරෙන් එලියට ආවෙ සිංදුවකුත් මුමුන මුමුන..කෑම මේසෙ උන්නෙ ග්‍රැනී විතරයි..ඊයෙ සොන්හගෙ හැසිරීම නිසා ග්‍රැනී උන්නෙ ටිකක් දුකින් වගේම පුදුමෙන්..ඒ පුදුමෙ තවත්වැඩි උනේ පිටිපස්සෙන් ඇවිත් ග්‍රැනී ව හයියෙන් බදාගත්තු සොන්හව දැකල..
"ගුම්මෝනිං ග්‍රැනී..කෝ ග්‍රෑන් පා"
සොන්හා හැසිරුනේ හරියට ඊයෙ කිසි දෙයක් නොවුන ගානට..ග්‍රැනී පියවි සිහියට ආවෙ සොන්හා ග්‍රැනීගෙ කම්මුල මිරිකපු නිසා..
"ආහ්..ග්‍රෑන් පා ඔෆිස් ගියා.."
"වාහ් පෑන් කේක්…"
කෑම මේසෙන් ඉද ගත්තු සොන්හා පෑන් කේක් තුනක් ම ප්ලේට් එකට බෙදා ගත්තෙ සිරප් එකෙනුත් භාගයක් හලාගෙන..ග්‍රැනීට එක පාරටම හිනාවක් ගියෙ සොන්හගෙ අම්මව මතක් වෙලා.
කැම කාලා ග්‍රැනීගෙ කොන්ඩෙත් අවුස්සල සොන්හා එලියට බැස්සෙ බිග් හිට් එකට යන්න..
YOU ARE READING
After a long time (Completed)
Fanfictionපළමු ප්‍රේමය කිසිම කෙනෙක්ට ලේසියෙන් අමතක කරන්න බෑ..මොකද ජීවිතේ පළවෙනි වතාවට ඇතිවෙන ඒ අමුතු හැගීම ජීවිතේට විශාල පාඩම් සමූහයක් එකතු කරන නිසා.. ඒ පළමු ප්‍රේමය හදවතෙන් වෙන් වෙලා ගියත් ජීවිතේ ඒ හිස්තැන ඒ විදියටම රකින මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා...මේ එහෙම ද...