සොන්හා අද ටිකක් කලින් එන්න..ඔයාට පොඩි ගමනක් යන්න තියෙනවා
ඔෆිස් එකේ වැඩ ගොඩක හිරවෙලා උන්නු සොන්හට ලීක්වාන්ශික් කෝල් කරල කියද්දි කෙල්ලගෙ මූන පරවුනු මලක් වගේ උනා.
වැඩ ගොඩයි ග්‍රෑන් පා...වෙන කාව හරි යවන්නකෝ
ඔයාගෙ බ්ලයින්ඩ් ඩේට් එකට වෙන කෙනෙක් ගිහින් හරියනවද ලමයො…
මොකක්..බ්ලයින්ඩ් ඩේට් එකක්..
අතේ තිබ්බ පෑන ත් සොන්හගෙ අතින් මේසෙ උඩට වැටුනා.
ශෙවෝන් අද ඔයාව මීට් වෙන්න ඕන කිව්වා..මොන වැඩේ තිබ්බත් ඔයා හවස හතර වෙද්දි ගෙදර එන්න ඕන..තේරුනාද
ලීක්වාන්ශික් කෝල් එක කට් කරාට පස්සෙ සොන්හා මේසෙ උඩ තිබ්බ ෆයිල් එක උඩ ඔලුව ඔලුව තියා ගත්තා..සොන්හා හිතුවට වඩා ග්රෑන්පා එයාගෙ මැරේජ් එක ගැන හිත්නවා..සොන්හගෙ ඔලුව පුපුරන්න තරන් වේදනාවක් දැනෙද්දි සොන්හා ඔලුව තියන් උන්නු ෆයිල් එක අතට අරන් විසික් කරා..කොල ටික කාමරේ පුරාම විසි වෙලා ගියා.වේගෙන් හුස්ම වැටෙන සොන්හ අත් දෙකෙම්ම ඔලුව අල්ල ගත්තෙ ඇස් දෙකත් පියාගෙන.ඒ එක්කම සොන්හගෙ ෆෝන් එක ආයෙ රින්ග් උනා.හිතේ තිබ්බ වේදනාවට සොන්හා හැදුවෙ ෆෝන් එක අරන් පොලවෙ ගහන්න.ඒත් ස්ක්‍රීන් එකේ වැටුනු නම්බර් එකට මෙච්චර වෙලා පිස්සුවෙන් උන්නු කෙල්ලව ක්ශනිකව සන්සුන් උනා..
හෙලෝ
හෙලෝ සොන්හා..මම නම්ජුන්
කියන්න නම්ජුන්
සොන්හා පුලුවන් තරම් හිමින් කතා කරා.
ඇග්රිමන්ට් එකේ සොෆ්ට් කොපි එකක් තවම ලැබුනෙ නෑ කියල කිව්වා..ඉතින් ඔයාට පුලුවන් නම් ඒක ඉක්මනට එවන්න කියනවද
නම්ජුන් ගෙ ගැබුරු ඉතාම සන්සුන් කට හඩට පුලුවන් උනා සොන්හගෙ පීඩනය එහෙම් පිටින්ම නැති කරන්න..ඒ කටහඩ ඇහෙනවත් එක්කම සොන්හ අත තිබ්බෙ පපුවට..
ඔයා තාමත් එයා කියන දේ අහනවද
සොන්හා මිමිනුවා..
සොරි..මොකද්ද කිව්වෙ..
අනී...ජුනී...ආ..මං මේ කිව්වෙ නම්ජුන් මං සෙකට්‍රිට කියන්නම්..
STAI LEGGENDO
After a long time (Completed)
Fanfictionපළමු ප්‍රේමය කිසිම කෙනෙක්ට ලේසියෙන් අමතක කරන්න බෑ..මොකද ජීවිතේ පළවෙනි වතාවට ඇතිවෙන ඒ අමුතු හැගීම ජීවිතේට විශාල පාඩම් සමූහයක් එකතු කරන නිසා.. ඒ පළමු ප්‍රේමය හදවතෙන් වෙන් වෙලා ගියත් ජීවිතේ ඒ හිස්තැන ඒ විදියටම රකින මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා...මේ එහෙම ද...