"ආයිෂ්.... මොකාද..??"
බොරු තරහක් මවන් ජිමින්ගේ මූණට එබිලා ඉදපු ජන්ග් කුක් ගේ අවදානේ බිදුනේ ටේ එතනට ඇවිත් ජන්ක් කුක් ගේ උරහිසෙන් හයියෙන් අත තියපු නිසයි.
"මොකද උබ .."
"නැ මම මේ ජිමින්ව එක්කන් යන්න ආවේ... ජිමිනාහ් යමන් පරක්කු වෙනො.."
ටේ එහෙම කියන් ජන්ග් කුක්ව ගණන් ගන්නෙවත් නැතුව ජිමින්ගේ අතින් ඇදන් එතනින් ගියා ජිමිනත් බිම බලන් ටේගේ අතේ එල්ලිලා එතනින් යන්න ගියා.ජිමින් මේ වෙද්දි හිටියේ ගොඩක් දුකින් හොදටම හිත රිදිලයි වෙන මුකුත් නිසා නෙමෙයි ජන්ක් කුක් එයාට සලකන විදිය නිසයි
"ඒයි...ඔහොම නැවතියන්.. නවතින්න නේද තමුන්ට කිව්වේ..."
"හරි හරි යන්න දීපන් කුකා... ශේප් ශේප්.."
"මූව මරනවා මන්"
"තරහ ගන්නෙපා ඕයි ඔහොම යන්න දියන්"
"හ්ම්ම්.."
ජිමින් යන දිහා තරහින් බලන් ඉදපු ජන්ග් කුක් හොබිත් එක්ක එතනින් යන්න ගියේ හිතේ තිබ්බ කේන්තියට පුටුවකටත් හොද පයින් පාරක් දීගෙනමයි..
********************
"මෙහ්..."
"කියපන්"
"ඇති දැන් බිව්වා ගෙදර යමන්"
"උබ පලයන්"
"එතකොට උබ...."
"මට... ම.....ආන්න අර.... කෙල්ලව"
"පිස්සුද උබට... මෙහෙ වරෙන් යන්න..."
"අතෑරපන්කෝ.... ඒකි ලස්සනයි..."
"ඒයි කුකා ඔහොම නැවතියන් ඕයි...."
"අතෑරපන් බන් මගෙන් ගුටි කන්න හදන් නැතුව"
මූට මොන යකෙක් වැහිලද අද කවදාවත් නැතුව බීඖවවත් අව්ල් ගියාද මූ වෙනදා බොන්නෙත් මේවනේ..."උබට ඕන මගුලක් කර ගනින්"
practice ඉවරවෙලා හවස හොබියි කුකියි දෙන්නා club එකට ගියා.මොකක්දෝ හිතේ තිබ්බා තරහකට කුකීනම් හිටියෙ ගොඩක් ඩ්‍රින්ක්ස් අරන්.ඒ දේවල් සේරම බලන් කෙනෙක් කුකීට ඇහැ ගහගෙනම ඉන්නවා ඒ අතරේ.රෑ 10ත් පහුවෙලා.හොබීගේ ෆෝන් එකට ඔම්මගෙන් මේ වෙද්දිත් කෝල්ස් 20කට වඩා ඇවිත්.තවත් හිටියොත් ප්‍රශ්නයක් වෙන බව දන්න නිසා හොබී කුකීට දැන් සිය පාරකටත් වඩා යන්න කතා කරා.ඒත් කුකියා ඉන්නෙ වෙන සිහියක.
YOU ARE READING
𝐒𝐓𝐀𝐘 𝐆𝐎𝐋𝐃 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]
Fanfiction🐰𝙹𝙸𝙺𝙾𝙾𝙺🐥 MY ANGEL jasmine Each minute that passes But I ve never tired of staring at you Hey my love, always remember That I m always by your side You though I forgot? No I , never did, but did you? Our memories seemed like forever In y...