මගේ නම නෙහාරා. මේක හරිම අමුතු කතාවක් වෙයි කියලා මම කියන්නේ නැහැ. මම වගේ මිනිස්සු මේ ලෝකේ අනන්තවත් ඇති. මම වගේ එක හේතුවක් නිසා හැම දේටම වෛර කරපු අය තවත් ඇති.
පොඩි කාලේ... මට ලොකු මතකයක් නැති කාලයක් ඒක. මගේ තාත්තා හාර්ට් ඇටෑක් එකකින් නැති වුණා කියලා එයාලා කිව්වා. මම ඒක විශ්වාස කළා. මොකද මම එයාව දැකලා තිබුණේවත් කතා කරලා තිබුණෙවත් නැහැ.
මගේ අත්තම්මා කිව්වා මගේ තාත්තා මම වගේලු. අපි දෙන්නට තිබුණේ එකම හැසිරීම්ලු. අපි දෙන්නම එකම විදිහටලු කතා බහ කරන්නේ. ඒ පෙනුම... ඒ සේරම එක වගේ කියලා අත්තම්මා මට කිව්වා.
ටික කාලයක් යද්දී අපේ ගමේ ළමයි මට කිව්වා මගේ තාත්තා මැරුණේ නැහැ එයා අපිව දාලා ගියා මොකද මගේ අම්මට වෙන මනුස්සයෙක් ඉන්න නිසා කියලා.
ඒක කොච්චර විකාර කතාවක්ද කිව්වොත් මම පුදුම වුණා. එයාලා ඒ වගේ කතාවක් කියන්නේ ඇයි කියලා. මම අම්මගෙන් ඇහුවහම එයා උත්තරයක් දුන්නේ නැහැ. එයාට උත්තරයක් දෙන්න උවමනාවක් තිබ්බේ නැද්ද එහෙමත් නැත්නම් එයාට දෙන්න උත්තරයක් තිබ්බේ නැද්ද කියන එක දැනගන්න මට ඕන වුණා.
ඒ වෙනකොට මට වයස අවුරුදු පහයි. ඒක නිසාම වෙන්න ඇති මට ඒක නිකන්ම අමතක වෙලා ගියා. මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තේ මගේ අම්මා දෙවනි කසාදය කර ගත්තට පස්සේ.
එතකොට මම ඉස්කෝලෙට ගියා විතරයි. ඒත් මම සතුටු වුණා මට ආයෙත් තාත්තා කෙනෙක් ආපු එක ගැන. එයා හරිම හොඳ මනුස්සයෙක්. එයා හැමදාම මට සැලකුවේ එයාගෙන්ම හම්බුණ දුවට වගේ.
නත්තලට නත්තල් සීයා ගෙනාවා කියලා තෑගි තියලා යනවා, ඒ වගේම අනික් අය විහිළු කරද්දි මාව බේර ගන්නවා, මට තෑගි ගෙනල්ලා දෙනවා. මම හුඟක් සතුටු වුණා. මගේ තාත්තා එයා.
මගේ තාත්තා සුසන්ත. මගේ අලුත් තාත්තා.
ඒත් එක්කම සේරම ආයෙත් වෙනස් වුණේ... මගේ අලුත් තාත්තා අම්මගෙන් දික්කසාද වුණා කියලා දැන ගත්ත දවසේ. මම හය වසරේ ඉඳිද්දි වුණ ඒ දේත් එක්ක මම ගොඩක් කඩන් වැටුණා. මට ඒක දරා ගන්න බැරි වුණා.
මගේ තාත්තා යන්න ඉස්සලේලා මගේ අතට ෆෝන් එකක් දුන්නා. 'මේක ඔයා තියාගන්න. මොනවා හරි වුණොත් මට කියන්න. පරිස්සමින් ඉන්න නෙහාරා!'
මට තාමත් මතකයි එයා මගේ නළල ඉඹලා ගේට්ටුව ළඟ තිබුණු කැබ් එකට බඩු දාගත්තු හැටි.
ඒත් එක්කම මගේ ජීවිතේට තවත් කෙනෙක් ආවා.
එයා මගේ අම්මට ආදරේ කළ කෙනා.
හැබැයි...
එයා මගේ අම්මගේ පෙම්වතිය.
ඒ කියන්නේ මගේ අලුත් අම්මා.
මට අම්මලා දෙන්නෙක්?
___________________________
හොඳයි මේක ඇත්ත කතාවක්. හැබැයි මගේ කතාව නෙවෙයි. මගේ කතාව මීට වඩා වෙනස්. මගේ තාත්තත් මාව දාලා ගියා. එයා නම් අනතුරකින් මැරුණේ මම උපදින්න කලින්.
දැන් අහන්න එපා මම හොඳින්ද කියලා.
ඔව්... එයා ගිහින් ඉවරයිනේ. මම හොඳින්.
ඒත් මම මේ දැන් කියන කතාව මගේ කතාවට වඩා දුකින් පිරුණු ඒත් ඇත්ත කතාවක්.
වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඇත්ත.
කියවන අය කියවන්න. නෙහාරගේ ඇත්ත ජීවිත කතාව.
![]()
Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

DU LIEST GERADE
𝕊𝕋𝕆ℝ𝕐 𝕆𝔽 𝔸 𝕃𝕆𝕊𝕋 ℍ𝔼𝔸ℝ𝕋
Sachbücherමම සමලිංගිකයන්ට වෛර කරන්න ගත්තා. ඒ වේදනාව මට දරා ගන්න බැරිවුණා. එයා මට ඒ කරපු දේ.