එයා මාව ඇඳට තල්ලු කර මට දැනුණා. එයාගෙ ඇඟිලි මගේ ඇඟ ඇතුලට යන විදිහ දැනෙද්දි මට ලොකු වේදනාවක් දැනුණා .
ඒ වේදනාව දරා ගන් බැරුව මම අඬද්දි එයා කළේ තවත් මාව ඇඟට තද කරගෙන එයාගේ වැඩේ කරපු එකයි.... ඒක හරිම දරුණු අත්දැකීමක්. හුඟක් රිදුණා...
මට දැනුණේ මාව සිහි නැතිවෙයි වගේ. ඒක වචනින් කියන්න පුළුවන් වේදනාවක් නොවෙන බව විතරයි අදටත් මට කියන්න පුළුවන්.
එයා මගේ අම්මගේ පෙම්වතිය නම් එයා ඇයි මට එහෙම කළේ?
ඒ දෙයින් මම දුක් වෙලා අඬන්න ගනිද්දි මගේ කුඩම්මා මාව අත ඇරියා. එයා වතුර ගෙනල්ලා මගේ ඇඟෙන් ලේ පවා පිහිදලා අයින් කරා.තුවාලයක් වුණ කෙනෙක්ට වගේ එයා මට සලකද්දි මට දැනුණේ ලොකු තරහක්. ඒත් අම්මා එනකන් මුකුත් කරන්න මට හයියක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඒ වේදනාව පපුව මැද්දේ ගුලියක් වගේ හිරවෙලා මට අඬන්න වගේ දැනුණා.
ඒත් කලින් අඬලා අඬලා මගේ ඇස්වල තිබ්බ කඳුළුත් සේරම ගිහින්. මට කරන්න පුළුවන් වුණේ කොණකට ගුලිවෙලා ඉකිගහන එක විතරයි.
අන්තිමට රෑ වෙලා අම්මා ගෙදර ආවා. මම බිත්තියක උදව්වෙන් අම්මා ළඟට ගිහිල්ලා එයාගේ සායෙන් ඇද්දා.
'අම්මේ...'
අම්මා මං දිහාට හැරුණා.
'එයා...' මගේ උගුරේ කෙළ හිරවුණා. 'එයා මට කරදර කළා අම්මේ...'
අම්මගේ ඇස් ලොකු වුණා. 'කවුද?'
'කුඩම්මා...' මම ආයෙත් අඬන්න ගනිද්දි අම්මා හිනාවෙනවා මට ඇහුණා.
ඇයි එයා හිනාවෙන්නේ?
'අනේ ළමයෝ... ඔයාට ළමයි විහිළු කළා කියලා බොරු කියන්නේ ඇයි?' එයා හිනාවෙලා ඇතුළට යන ගමන් කුඩම්මා දිහාට නැවිලා එයාගේ තොල් සිපගත්තා.
ටික වෙලාවක් යනකන් මම බලන් හිටියේ වුණ දේ තේරුම් ගන්න බැරුවයි.
ඇයි අම්මා මම කියන දේ බොරු කියලා හිතන්නේ? 🙂
මට ඒ වෙලාවේ ආපු එකම සිතුවිල්ල ගොඩක් කල් යනකන් මගේ හිතේ වැඩකළා.
සමලිංගක අය හැමෝටම ඕන ලිංගික අත්දැකීම් විතරයි. එයාලට ආදරයක් නැහැ. එයාලට දැනෙන්නේ නැහැ.
එයාලා මේ ලෝකෙන් තුරන් වෙන්න ඕන!
ඒත් මම එදා තේරුම් නොගත්ත දෙයක් තිබුණා. ඒක තමයි සමලිංගක වුණත් නැතත් නුවුමනා විදිහට ලිංගික ආසාවන් තියෙන හැමෝම දුෂ්ඨයි. අනික් එක තමයි සමලිංගක අයටත් ආදරේ දැනෙනවා. එයාලත් මම වගේම මිනිස්සු.
අපි හැමෝම අනාගතේට යන්නේ එකට කියලා එදා මට තේරුණේ නැහැ.___________
🙂🙂🙂🙂🙂🙂

ВЫ ЧИТАЕТЕ
𝕊𝕋𝕆ℝ𝕐 𝕆𝔽 𝔸 𝕃𝕆𝕊𝕋 ℍ𝔼𝔸ℝ𝕋
Документальная прозаමම සමලිංගිකයන්ට වෛර කරන්න ගත්තා. ඒ වේදනාව මට දරා ගන්න බැරිවුණා. එයා මට ඒ කරපු දේ.