^•^ Chapter 01 ^•^

2.1K 159 274
                                    

•වෙ...යි....යි..න්

ලාන්ශාන්

•නුඹ දන්..නවද...මගේ වෙයි යින්..
අදත් එදා මෙන්මයි
ඔය දගකාර නෙතු පළමුවෙන්ම මට මුණ ගැසුනු දා රාත්‍රිය....නුඹ ට මතකද ඒ දිනය .......ගූසු දොරටුව අභියෙස දි මා දුටු ඒ දගකාර රුවට....කිසිවෙක්ට ස්පර්ශ කරන්න නොහැකි උනු මේ හදවත ස්පර්ශ කරන්න හැකි උනු බව.....නුඹ දන්නවද වෙයි යින්.....එකම බැල්මකින් නුඹ මේ හදවතට රිංගා ගත් බව......නුඹ දැන සිටියේ නෑ නේද.....

"අවසර නැතුව ඇතුල් වීමක් නැත"එලෙස පැවසුවත් මා හට නුඹව එතැන තනිකර ඒමට හිතක් නොතිබූ බව නුඹ නොදන්නවා නොවෙද....නමුත් නීති වලට පිටුපෑමට නොහැකි නිසා මා මගේ හදවතට ඇහුම්කන් නොදී නුඹව දොරටුව අසල තබා පැමිණියාට...මට හැකි උනේ නෑ නුඹව එලෙස තබන්න....ඒ ශීතල රාත්‍රියෙ නුඹව එලෙස තබන්න මට ඇවැසි උනේ නෑ....එනිසයි මා නැවත පැමිනියේ....නමුත්...

නුඹ එතැන නොසිටියාම......ජියැං වංශයේ අනෙකුන් සිටියත් නුඹ එතන නොසිටියාම....මේ දෑස් නුබ සොයා දිවගියබව නුඹ දැන උන්නෙ නෑ නේද.....නුඹ නැවත එන තෙක්ම... සැතපෙන වෙලාව පසුව තිබුනත්...මේ දෑස් නුඹ වෙනුවෙන් බලා සිටි බව නුඹ දන්නෙ නෑ නේද...

වෙයි යින්.....නුඹ දන්නවද නුඹ අධිරජ සිනහවත් සමග  තාප්පයෙන් පැන පැමිණියේ  සිනහවක් නොතිබූ මගෙ මුවගට සිනහවක් කැන්දාගෙන බව.....එදා මෙන්ම අදත් සීතල රාත්‍රියක්....මට ඔබව බොහෝ සෙයින් මතකෙට නැගෙනව වෙයි යින්....එදත් අදත් අතර තිබෙන එකම වෙනස....එදින සටන් කිරීමට හෝ නුඹ මා අසල සිටියා....නමුත් අද..

සටන් කිරීමට තියා මට නුබව සිත් සේ දැක ගැනීමටවත් නුඹ මා අසල නොමැතියි....මට ඔබව බොහෝ සෙයින් මතක් වෙනව වෙයි යින්...මට නුඹව අවශ්‍යයි....බොහෝ සෙයින් අවශ්‍යයි.....නුබ නැතිව වසර දහහතරක් ගෙවී ගොසින් නුඹ මාවෙත පැමිනෙන්නෙ නැතිද....කරුනාකර මා වෙත නැවත පැමිණෙන්න.....

කරුනාකර මා වෙත නැවත පැමිණෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
°°°_I ¢an D0 An¥thing F0r Y0u_°°°Where stories live. Discover now