^•^ Chapter 03 ^•^

606 97 57
                                    

•ඔබ පැවසුවේ "ඔහුට ඔහුව නැතිවෙන්න ඉඩදෙන්න එපා "කියල ...එසේනම්.....

ඒත් සමගම මට මතකෙට ආවෙ...

වැන්ජි ඔබ එතරම්ම වෙයි මාස්ටර්ට ආදරේ වග මා පෙරදී දැන සිටියනම් මා නුබට ඔහුව කෙදිනකවත් නැතිවෙන්න ඉඩ තබන්නෑ

ඔව් ඒ ඔබ....ඒ ඔබ වියයුතුයි...එසේනේද සෙව්ජූන්

ඒත් සමගම මගෙ ඉදිරියේ මැවුනෙ ලාන් සිචෙන්.....ඔහු සුපුරුදු ලා හිනාවෙන් මා ඉදිරියට පැමිනියා

"අවසරයි සෙව්ජූන්"

මං ඔහුට ආචාර කලා.....

"සුෂී මට සමාවෙන්න ඔබට වේදනාවක් ලබා දුන්නට..."

"එයට කම් නෑ සෙව්ජූන්....එය එතරම්ම වේදනාකාරි උනෙ නෑ..."

"මා ඔබව කැදෙව්ව හේතුව ඔබට වැටහෙනවද"

"එසේයි....මා හට එය දැන් වැටහෙනව...නමුත්...."

"කිමද"

"නමුත් සෙව්ජූන් දැන් ඔවුන් දෙදෙනා එකටනෙ....කතාව අවසන් උනේ ඔවුන් දෙදෙනා විවාහ වීනෙ...ඉදින් නැවතත් මුලට ගියොත් ලාන්ශාන් ට හා වෙයි යින්ට නැවතත් ඒ වේදනාබර කාලයට මුහුණ දෙන්න වේවිනෙ....ලාන්ශාන් හට ඔහුගෙ ආලය කියාගන්න නොහැකි ව නැවතත් දුක් විදින්නට වෙයිනෙ....වෙයි යින් හටත් නැවතත් ඒ අදුරු මායාවන්ට යටත් වෙන්න වෙයිනෙ....."

"එය එසේ තමා සුෂී.....නමුත් මෙය ලෝකයන් තුනක්...."

"කුමක්ද....සෙව්ජූන් එසේනම් කාලයන් තුනක්...."

"හ්ම්...එසේයි සුෂී....නුබලාගෙ ලොවෙහි මේ කතාව සතුටින් අවසන් උනත් අපේ ලොවෙහි තවම ගෙවෙන්නෙ වැන්ජි වෙයි මාස්ටර් නොමැතිව ගෙවෙන දසවන අවුරුද්ද...ඔහුව එසේ දකින්න නොහැකියි..ඉතින් අපි උත්සහ කලා තවත් ලොවක් තනන්න..එහි කුමක් සිදුවූවත් එයින් අපෙ ලොවට බලපෑමක් ඇතිවෙන ලෙසට...වෙයි මාස්ටර් නොමැරුනොත් එයින් අපේ ලොවෙහි සියලු දේ හොදින් සිදුවේවි.....අවුරුදූ ගනනක් ගියා එයට අන්තිමේදි අපි එය කලා..."

"අපි කියා පැවසුවෙ.....සේව්ජූන් එවිට තවත් කිසිවෙක්...."

•"වංශ නායක ජියැං....ඔහු පිටතින් දරදඩු උනාට වෙයි මාස්ටර්ට ආදරෙයි....එවෙලෙ කෝපය පාලනය කරගත නොහැකිව තමං අතින්ම තම සොයුරාව මියගිය එකට ඔහු බොහො සෙයින් දුක් වුනා....එනිසායි අප දෙදෙනා එක්වී මෙය සිදුකලෙ"

°°°_I ¢an D0 An¥thing F0r Y0u_°°°Where stories live. Discover now