CHAPTER 37

693 241 11
                                    

Taehyung's POV

මම බනී එක්ක කාර් එකට ගිහින් දොර ඇරලා බැලුවා. යුන්ගි ඉන්නවා එයාගේ සුපුරුදු විදිහට නිදාගෙන. මම නැගිට්ටවන්න හැදුවත් බනී මාව නැවත්තුවා .

"එපා අපි ගිහින් ඇවිල්ලම නැගිට්ටවමු."

මම අද එන ගමන් කිව්වනේ යුන්ගි ඇහැරවන කෙනාට මැරෙන්න වෙනවා කියලා. බනී බය උනාද දන්නේ නෑ මම මැරෙයි කියලා. බනී හිටියේ නැත්තන් මම මේකා නැගිට්ටවලා අහනවා කොහොමද මාෆියා වලට ආවේ ඔහොම නිදාගෙන කියලා. යුන්ගී කරන වැඩ ලේසියෙන් වරදින්නේ නෑ. ඒත් නිදාගන්න එක තරම් හොදට වෙන කිසි දෙයක් කරන්නත් බෑ. නිදාගන්න එකත් පර්ෆෙක්ට්. වැඩත් පර්ෆෙක්ට්. බනී ඩ්‍රයිවින්ග් ශීට් එකෙන් වාඩි උනාම මම දෙවියන්ට වැද වැද පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනා

"බය වෙන්න එපා ටේටේ. මට ලයිසන් තියනවා."

"ලයිසන් තිබ්බට වාහනයක් කලින් ඩ්‍රයිව් කරලා තියනවද? "

"ඔව්. මගේ ටුටූව අරන් මම එහේ මෙහේ ගිහින් තියනවා. "

"ටුටූ. ?"

කවුද ඒ පාර මගේ කතාව මැද්දට එන්න හදන දුශ්ටයා. මෙච්චර කල් තිබ්බ එකම ප්‍රශ්නේ මෙයාගේ හ්යුන්ග් විතරයි. ඒ පාර දැන් මොකාද අන්තිම මොහොතේ එන්න හදන්නේ.

"කවුද ටුටූ?"

"ටුටූ කියන්නේ මගේ කාර් එක."

තැන්ක් ගෝඩ්!!

"ඒක මොරියාජින් එකක්. මටයි , ජෝර්ජ් මැකාර්තිටයි, නෙවිල් ලොන්බොටම්ටයි විතරයි මේ ලෝකෙන්ම තියෙන්නේ."

"ගැලරි එකට ආවද එකෙන්? මම දවසක් දැක්කා මොරියාජින් ඒකක් තියනව ගැලරි පාර්කින්ග් එකේ "

"ඔව්. මම තමයි ආවේ. නැතුව නෙවිල් වත්, ජෝර්ජ්වත් එයාලගේ කාර්ස් අරන් සවුත් කොරියා එන්න විදිහක් නෑනේ."

"ඔතනින් එහා පැත්තේ තියන ශොප් එක."

මම බනී එක්ක ශොපින් කරා. ඇතුලට ආව ගමන්ම එයා කාර්ට් එකක් අරගෙන මට දීලා එයාට ඕනේ දේවල් තෝරන්න පටන් ගත්තා. මම පුදුම වෙන එක විතරයි හැමවෙලේම උනේ. එයාට මුලින්ම ඕනේ කියලා එයා ගිහින් බියර් කාර්ට්න් එකක් ගත්තා. බියර්ස් එකක් දෙකක් නම් තව කමක් නෑ. කාර්ට්න් එකක්. කාර්ට්න් එකක 20ක් තියනවා. 20ක් බොන්නද නාන්නද?

HYUNG | TaeKook × Jin | Completed Where stories live. Discover now