CHAPTER 09

1K 315 69
                                    

Jungkook's Perspective

"මම කිම් ටෑහ්යුන්ග්.
ටෝනී මොන්ටානා කම්පනි එකේ චෙයාර්පර්සන්."

ටොනි මොනටානා ? මට කොහෙන් හරි ඒ නම ඇහිලා පුරුදුයි. ඒත් කොහෙන්ද කියලා මතක නෑ. කොෆී බෝයිගේ නම කිම් ටෑහ්යුන්ග්. වයස කීයද කියලා කිව්වෙ නෑනේ. හ්යුන්ග් ගේ වයස විතර ඇති නේ. මට මොකටද වයස කීය උනත්.

හැමෝම ඉන්ට්‍රඩියුස් කරලා ඉවර උනාට පස්සේ මේ පාර තීම් එක ගැන කතා කරා.

"ජන්ග්කුක්. මේ පාරත් මොනෝක්‍රෝම් ද අදින්නේ?"

"ඔව් මිස්ටර් ලී "

"ඔයාට ඕනේ නම් ටෑහ්යුන්ග්ගෙන් සපෝර්ට් එක ගන්න පුලුවන්. එයත් යන්නේ මොනෝක්‍රෝම් වලින්."

මිස්ටර් ලී ටොනී මොන්ටානා ගැන කියද්දි මම එයා දිහා බලලා හිනා උනා. මට ඕනේ උනේ වෙනද වගේ වූබින් හ්යුන්ග් එක්ක පේන්ට් කරන්න.
මගේ වූබින් හ්යුන්ග්ග්ග්.

"මිස්ටර් ලී, වූබින් හ්යුන්ග් නැද්ද?"

"මේ පාර වූබින්ට එන්න වෙන්නෙ නෑ කිව්වා ජන්ග්කුක්. එයාට කොලේජ් එක්සෑම් ඒ දවස් වලම. අපිට මේ දවස් ටික විතරයිනේ තියෙන්නේ. "

වූබින් හ්යුන්ග් නෑ කියන්නේ මට ටොනි මොනටානා එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒත් මේ මනුස්සයව මම එක දවසක් වත් දැකලා නෑ ගැලරි එක ඇතුලේ. ගැලරි එකේ ජීවත් වෙන මම දැක්කේ නැති උනාට කොට ජිමින් දැකලා තියනවා. කොට ජිමින් ඇවිදින සීසිටීවී එකක්.

අන්තිමට මීටින්ග් එක ඉවර වෙලා කට්ටිය කතා කරන්න පටන් ගත්තා. නෝවාහ් නූනා ඇවිල්ලා මගේ කොන්ඩෙන් ඇද්දා.

"ආව්ව්."

"කොහොමද කුකී"

"කොහොමද අහන්න කොන්ඩෙන් අදින්න ඕනෙද නූනා. "

"අනේ... කුකී"

"ආව්ව්."

"නූනා ආයෙමත් මගේ චීක්ස් වලින් ඇද්දා."

මම නූනට වද දෙන්න තාම පටන් ගත්තේ නෑ. ඒ වෙලාවට බලාගන්න පුලුවන් මගේ රිටර්න් එක.

"ටෑහ්යුන්ග්, මේ කුකීත් හොදයි මොනොක්‍රෝම් වලට."

නූනා කියද්දි ටෝනි මොන්ටානා දත් තිස් දෙකම එලියට දාලා හිනා උනා. මාත් ඉතින් හිනා උනා. අපි දෙන්න දැන් සිය පාරකට වඩා හිනා වෙන්න ඇති. ඒත් තාම වචනයක්වත් කතා කරේ නෑ.

HYUNG | TaeKook × Jin | Completed Donde viven las historias. Descúbrelo ahora