සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
5🍁🍁🍁🍁🍁
මං වොෂ් රූම් එකෙන් එලියට එද්දි කලු පාටම ඇදුම් දෙකක් ඇදගන ඇද උඩ හරහට වැටිලා හිටය කොල්ලා ඇස් දෙක උඩ තියාගෙන කෑ ගහන්න ගත්තා ඒ සද්දෙට මටත් කෑ ගැස්සුනා, ඒත් එක්කම ඇරුනු දොරින් කෑ ගහගෙන ඇතුලට ආපු ජිමින් වත් මගේ ඇග උඩට තල්ලු කරලා දාලා ඒ කොල්ලා එලියට දිව්වා.
"යාහ් ජන්කුකා කොයි වෙලේද ආවේ මං දැක්කේ වත් නෑනේ"
මගේ ඇග උඩ ඉදගෙනම ජිමින් කෑ ගහලා අහද්දි ජන්කුක් කියපු කෙනා,
"උබ ඔය රූම් එකේ ඉදලා එලියට යද්දීමයි මන් ආවේ,උබ උඩ බලාගෙන තනියම හිනා වෙවී ගිය හින්දා කථා කරේ නෑ මට හිතුනාඋබට උබේ අර secret love එක මතක් වෙලා කියලා මොකක්ද නම මේ...."
ජන්කුක් එහෙම කෑ ගහද්දී දඩ බඩ ගාලා මාවත් පෙරලගෙන නැගිටපු ජිමින් දුවගෙන එලියට ගියා මං කන් දීගෙන හිටියේ ජන්කුක් තව මොනවා හරි කියයි කියලා ඒත් ඊට පස්සේ ජන්කුක් ගේ සද්දයක් නැතුව ගියා. එතනම ඉදගෙන මං කල්පනා කරේ ඇත්තටම ජිමින් ආදරේ කරන්නේ කාටද කියලා.එතකොට මයි ජිමින් ආපහු ආවේ බිම ඉදගෙන හිටපු මගේ දිහාවට අත දික් කරපු ජිමින් මගේ අතින් ඇදලා මාව නැගිට්ටවපු පාරට මං ගිහින් නැවතුනේ ජිමින් ගේ පපුවේ. ඒ උනුසුම් සුසුම් නිරාවරණ උරහිසට වැදෙන කොට ජීවිතේ කිසිම දවසක නොවිදපු අමුතුම හැගීම් ගොන්නකින් මුලු හිතම හිරි වැටිලා ගියා, අත් දෙකෙන්ම මං ටවල් එක තද කරලා අල්ල ගද්දී මගේ දිහා ම බලාගෙන හිටපු ජිමින් ගේ ඇස් ගැස්සුනා කට තද කරගෙන ම අහක බලපු ජිමින් ඊලගට මගේ දිහාවට හැරිලා,
"අනිත් දවසේ වොෂ් රූම් එකට ඇදුම් අරන් යන්න යාරා, ඒ වගේම කිසිම පිරිමියෙක් විස්වාස කරන්න එපා මේ මාව වත්, තේරුනාද, හේසෝක් ලගට යන කම් මලක් වගේ පරිස්සම් වෙන්න යාරා, නැත්නම් ජීවිතේ ප්රශ්න ඇති වෙන්න පුලුවන් ම්ම් "
මගේ කම්මුලට තට්ටුවක් දාලා එහෙම කියපු ජිමින් මගේ මූණ දිහා බලාගෙන පස්සෙන් පස්සට ගිහින් යන්න ගියා. අහේතුකව ඇස්වලට පිරුනු කදුලු කම්මුල් දිගේ ඔහේ ගලද්දි මට ඕන උනේ ආපහු සැරයක් පුංචි කාලේට යන්න මං එන කන් බලාගෙන ඉන්න ජිමින් ව පොරොන්දු කර ගන්න!!!!!
YOU ARE READING
සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)
Fanfictionහිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93