සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
10🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
(උපරිම සංයමයෙන් ලිව්වේ ඒත් අවුල් වගේ නම් කියවලා මට බනින්න එපා😐😐)
අවුරුදු විසි පහක් පුරාවට රැකගත්ත සොදුරු කෙලිකම් ජිමින් ලග දිය වෙලා යද්දී ,පුංචි කාලේ ඉදන් හිතින් විතරක් වින්ද උනුසුම ලග තියෙන සතුටට හිනාවෙන්නද,නැති වුන ජීවිතේ ගැන හිතලා අඩන්න ද කියලා මට හිතාගන්න බැරි උනා.........
ඒත් හැමදේම අවසානේ පොඩි දරුවෙක් වගේ මගේ පපුවට තුරුළු වෙලා ඉකි ගගහා අඩන ජිමින් ව දැක්කම ඒ සිනිදු කෙහෙරැලි අතරේ මූණ හංගගෙන මං ඇඩුම් වාවගත්තා,,,.......
ඇඩුම් අතරින්ම ජිමින් ,,
"ඔම්මා ඇයි මාව දාලා ගියේ, අප්පයි මමයි පාලුවෙන් හිටියේ, දැන් මට කවරැත් නෑ මං තනියම මට පාලුයි ඔම්මා, අප්පා ඔයා ඇයි එහෙම කරේ ඔයා නරක කෙනෙක් නෙවෙයි අප්පා, ඒත් ඒත් මං ඒ දේවල් දැක්කා"
ඔහේ කියව කියව අඩන ජිමින් ව දැක්කම මට තේරුන එකම දේ පුංචි කාලේ ඉදන් ඔම්මා ගෙයේ අප්පගෙයි ආදරේ අසීමාන්තික ව විදපු ජිමින් ට එක පාරටම ඒ හැමදේම නැති වෙලා තනි වෙන්න වුනාම එයාගේ දරා ගැනීමේ සීමාව ඉක්මවලා ගිහින් කියන එක.........
ජිමින්ගේ මේ හැසිරීම එයාගේ මානසික පීඩනයේ ප්‍රතිඵලයක් කියලාත් මට තේරුනා,ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න ගොඩක් දෙනෙක් බොහොම දුරට රෑ පහන් කරන්නේ කදුලින්, ඒකට හේතුව හිතේ තියෙන හැමදේම කියන්න ඒ කෙනාගේ පීඩාව තේරුම් ගන්න කිසිම කෙනෙක් උත්සාහ නොකරන නිසා, පුංචි කාලේ ඉදන් ම ජිමින් ව හොදටම දැනගෙන හිටියත් මං වත් ජන්කුක් වත් කිසිම වෙලාවක ජිමින් ට කොහොම දැනෙනවා ඇතිද කියලා හිතුවේ නෑ,.........
කෙනෙක් ව පිටින් බලලා තීරන වලට එනවට වඩා ඒ කෙනාට දැනෙන්නේ කොහොමද කියලා එයාගේ සපත්තුවට බැහැලා බලලම තීරනය කරන්න කියලා කියමනක් අහලා තිබුනත් ඒක මට හරියටම තේරුනේ අද........
ජිමින් ට එහෙමම නින්ද ගියත් මගේ ඇස් අහලකටවත් නින්ද ආවේ නෑ ,ඔහේ කල්පනා කර කර හිටපු මට තවත් ටික වෙලාවකින් ඇහුනේ ජන්කුක් ගේ වාහනේ සද්දේ, හැම දෙයක්ම විසිදෙනෙක් අද වුන දේවල් කිසිමකෙනෙක් දැන ගන්න ඕන නෑ කියලා මට හිතුනා.......
STAI LEGGENDO
සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)
Fanfictionහිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93