මෙතෙක් කතාව
ආ මෙන්න ඔයාගේ පොත.මං එයාට පොත දුන්නා.එයාට දීලා මං යන්න හැරුණා.
ඔයාට මුකුත් මට කියන්න දෙයක් නැද්ද?
අද කතාව
ඔයාට මුකුත් මට කියන්න දෙයක් නැද්ද? මට කියන්න දේවල් තිබුණත් කියන්න හිතෙන්නේ නැත්තේ ඇයි?ඔන්න ඇත්ත කියලා දානවා.
ඔයා මාව මාක් කරපු දවසෙම මං ඔයාට කැමති වුණා.ඒත් මං බය වුණා.අම්මා මනුස්සයෙක්ට කැමති වෙලා මෙහෙම නම්.මායාදේශේ හතුරෙක් වෙන වැම්පයර් කෙනෙක්ව බැන්දොත් මොකක් වෙවිද කියලා.දැන් මයාදේශේ බාරගන්න කවුරුත් නැති නිසා මට පවරාවි අනිවාර්යෙන් ඔයා මාව මාක් කරා කිව්වොත් ඔයාව මරලා දාවි.ඔයාගේ යාළුවෝ පලිගන්න උත්සහ කරයි කියලා එයාලවත් මරාවි.එහෙම වුණෝත් මගේ වැරැද්දෙන් ගොඩක් අය මැරෙන්න ඉඩ කඩ වැඩි.මාව නිකන්ම මිනී මරුවෙක් වේවි.ඒ වගේ දේවල් වෙනවට වඩා හැගීම් වලින් ඈත් වෙන එක සැපැයි.ඒක නිසා මගෙන් ඔයා ඈත් වෙලා ඉදියොත් හොදයි.මට වඩා හොද කෙනෙක් හොයා ගන්න ඔයාට අමාරු වෙන එකක් නෑ.ඔයා මාව තේරුම් ගනීවි කියලා හිතනවා.එහෙනම් මං යනවා.මං ඇත්තම කියලා දැම්මා.මට තවත් එයාගේ දුක මූණ බලන් ඉන්න වුමනා උනේ නෑ.මට ටික දුරයි යන්න ලැබුණේ.එයා මගේ අතින් ඇදලා එයා ලගට ඇදලා ගත්තා.මගේ ඉන වටේ අත දලා තව ලගට ගත්තා.
ඔයාගේ තාත්තා බය නැතුව ඔයාගේ අම්මට කැමති වුණා නම් ඇයි මං බය වෙන්නේ.මං පොතේ කිව්වා වගේ මට ඔයා නැතුව ඉන්න බෑ.මගේ ඇස් දෙක එළියට පනින ගානට ඇවිල්ලා තියෙන්නේ.ඒ තරමට අපේ පරතරය මිලිමීටරයක් ගානට සමානයි.
මං දන්නවා.ඒත් තාත්තා මනුස්සයෙක්.මයාදේශේ අය සාමාන්‍ය මිනිස්සු එක්ක තරහක් නෑ.අවුල වුණේ නීති කඩ කිරීම.ඒත් ඔයා වැම්පයර් කෙනෙක් .මයාදේශේ අය වැම්පයර්ස්ලා එක්ක ලොකු තරහකින් ඉන්නේ.වැරදි දෙකක් කරනවා.එතකොටම කලින් කිව්වා වගේ මාව නිකන්ම වැ.........කියන්න දුන්නේ නෑ මාව කිස් කරා නේද.මාවත් නිකත් ගැස්සිලා ගියා.තල්ලු කරන්න උත්සහ කරත් වැඩක් වූණේ නෑ.ඇයි එයා තේරුම් ගන්නේ නැත්තේ.එයා මගේ තොල්වලින් ඈත් වුණ ගමන් මං අහක බලාගත්තා.එයා මගේ නිකටට අත තියලා ආයි එයාගේ ඇස් මායිමට මගේ ඇස් ලං කරගත්තා.
YOU ARE READING
Secret Powers ✅
Fanfictionශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි. කඩවසම් තරුණයෙක් කිව්වට එයා නිකම්ම තරුණයෙක් නෙමේ.එයා vampire prince කෙනෙක්. ගැහැනු ලමයාටත් රහසිගත ායා බලයන් ගොඩක් තියෙනවා.ඒවා එයා හංගගෙන ඉ...