EP : 1 💫

142 19 16
                                    

ඉතින් ඔන්න ඔයාලගේ ඔතරී ආයෙත් ආවා😄මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා එහෙනම් අපි කතාවට යමු. Let's go ➡️ ➡️

Kevinya එදා උදේම නැගිට පාඩම් කරන්නත් එක්ක. සාමාන්‍යයෙන් ඔයාල දන්නවනේ වයස අවුරුදු 16 ක ළමයෙක් එක්ක තියෙන ලොකු අභියෝගයක් තමයි O/ L පාස් වෙන එක. ඉතින් මෙයා කම්මැලිකම අතෑරලා මේ දවස් වල පාඩම් වැඩ වලට යොමු වෙනවා. ඒත් එක්කම මෙයා එයාට නිදහසක් හම්බ උනා හැම වෙලාව practice වැඩ වල යෙදුනා. ඒ වගේම BTS songs අහන්නත් මෙයා අමතක කරේ නෑ. උදෙන් ඇහැරිලා කෑම කාල ඉවර වෙලා මෙයා පොත්වල වැඩ කරන්න ගියාම මෙයාගේ නංගී කාමරයට ආවා.

නංගී: අක්කේ......🤗😁

Kevinya: ඇයි මොකද ඔන්න ආවා ඝණ්ඨාර පූජා කරන්න😑😒 ( එයාගෙ නංගී ඉතින් කියවන්න ගත්තොත් නවත්තන්නෙ නෑලු.)

නංගී : BTS ලා සින්දුවක් දානවලු නේද?

Kevinya: හයියෝ ඔව් මම වෙන කිව්වෙ ඔයාට අලුතෙන් සින්දුවක් ඒගොල්ලො දානවා කියලා ඉතින් ඕක මට ආපහු ඔයා ඇවිල්ලා කියන්න ඕනේ නෑ......😑😑 ( නංගිගේ බේරෙන්න තමයි එය එහෙම කිව්වේ. )

නංගී: මටනම් ඉවසිල්ලක් නෑ අක්කේ......

නංගි උඩ පැන පැන කිව්වා. "අයියෝ මට නිදහසේ ඉන්න දෙනවා දැන් මෙතන ඇවිල්ලා උදේ පාන්දරම දඟලන්නේ නැතුව... මට පාඩම් වැඩ කරගන්න තියෙනවා...." අක්කා තරහෙන් කිවුවා. හරි හරි ඉතිං කියලා නංගී එතනින් ගිය. කොහොමත් Kevinya කැමැති තනියම නිදහසේ ඉන්න. එයාගෙ නංගී ට ඕවායේ ගාණක් නෑ එයත් ඉතින් රණ්ඩු කෙක්කක්.😂😅

ඉතින් Kevinya ටික වෙලාවක් පාඩම් වැඩ කරලා ඉවර වෙලා ගියා ෆෝන් එක ගාවට ඕගොල්ල වගේම තමයි මෙයාට ෆෝන් එක නැතුව ඉන්න බෑ. ඒව ඉතින් ජන්ම පුරුදු😅🤣😂ගිහිල්ලා වට්ස්ඇප් එයාගේ මෝඩ පිස්සු ARMY යාලුවො දාපු මැසේජ් msg රිප්ලයි කරා. මගේ යහළුවෝ දාන්න මැසේජ් වලට එයාට පෝන් එක දිහා බලාගෙන ඉද්දි හිනා යනවා 😆😅🤣

Kevinya ට එයාටම කියලා ෆෝන් එකක් තිබුණේ නෑ. ඔයා පාවිච්චි කෙරේ එයාගේ අම්මාගේ ෆෝන් එක ඒක නිසා එයාට වැඩිය ෆෝන් එක අල්ලන්න අවස්ථාවක් තිබුණෙත් නෑ. එයා ෆෝන් එක දිහා බලාගෙන පිස්සියක් වගේ හිනා වෙනවා එයාගේ අම්මා දැක්කා...

මොනාද ෆෝන් එක දිහා බලාගෙන කරන්නේ ගිහින් පොතක වැඩක් කරගන්නවා..😡 ඔයා පෝන් එකේ තියෙන දේවල් ද O/L වලට ලියන්න හිතාගෙන ඉන්නේ....😡 අම්මා එයාගේ සුපුරුදු බණ දේශනාව කරන්න පටන් ගත්තා ඒක අහගෙන ඉන්න බැරුව ෆෝන් එක පැත්තකින් තියලා එතනින් යන්න ගියා...😒😑 Kevinya ට ඕවා ඉතින් පුරුදු දේවල් අම්මා බණිනකොට මෙයත් ඉතින් අහගෙන ඉන්නවා...

මෙන්න මේ විදියට දෙසැම්බර් මාසේ වෙනකම්ම දවස් ගෙවිලා ගියා....💨💨💨💨 අන්තිමට මෙයා O/L ලියන දවස උදා වුණා..... හිතේ ලොකු බයකුත් තියාගෙන මෙයා ඕලෙවල් විභාගේ ලියලා ගෙදර ආවා....

AFTER 0/L

දැන් ඉතින් ඕලෙවල් විභාගය ඉවරයි දැන් තියෙන්නෙ රිසාල්ට් ටික ආවට පස්සෙ අම්මාට ටඉ අප්පච්චිටයි මගේ හීනෙ කියන එක... ඒත් මට බයයි මේකට අම්මයි අප්පච්චියි ඒකට අකමැති වෙයිද කියලා..... අනේ මන්දන්නේ නැහැ.... Kevinya එයාට ම කියා ගත්තා.....😪😔

Kevinya ආයෙත් කල්පනා සාගරයේ ගිලුනා අම්මයි අප්පච්චි අකමැති උනොත් මං මොකද කරන්නේ මට මෙහෙ කැම්පස් එකට ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් වෙන්න වෙයිද? අනේ මට නම් බැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kevinya ආයෙත් කල්පනා සාගරයේ ගිලුනා අම්මයි අප්පච්චි අකමැති උනොත් මං මොකද කරන්නේ මට මෙහෙ කැම්පස් එකට ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් වෙන්න වෙයිද? අනේ මට නම් බැහැ... මට කොහොමහරි kpop idol කෙනෙක් වෙන්නයි ඕනේ අනේ දෙවියනේ මට උදව් කරන්නකෝ....... 😔😔😔

Kevinya ට මුලින්ම ඕනි උනේ ලමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න. පස්සේ Descendants of The Sun kdrama එක බැලුවට පස්සෙ මෙයට ඕනි උනේ ශල්‍ය වෛද්‍ය වරියක් වෙන්න. ඒත් BTS දැනගත්තම මෙයට ඕනි උනේ kpop idol කෙනෙක් වෙන්න.

ඒ වෙලාවේ එයාගේ නංගියි ආවා... අක්කේ ඔයා දුක් වෙන්න එපා. ඒගොල්ලො ඔයාට උදව් කරයි. ඔයා ඔයාගේ හීනේ ගැන ලෙස resalt ආව දවසට කියන්න. ඒ ගොල්ල අකමැති වෙන්නේ නැහැ... මාව විශ්වාස කරන්න.... නංගී ඇවිල්ලා අක්කා ව ධෛර්යමත් කලා .... 🤗

Kevinya ගෙ හීනෙ ඉටුවෙයිද? එයාගෙ අම්මල තාත්තල එයාට උදවු කරයිද? ඕගොල්ලෝ මොකද හිතන්නේ....🤗 ඒ විතරක්ද මෙයාගේ රිසාල්ට් එක මොන වගේ තියෙයි ද..... 🤗🤔 ඕගොල්ලන්ට හිතෙන දේ මට comment එකකින් දාන්න. Vote එකකුත් දාන්න අමතක කරන්න එපා.... මේකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මං ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. ඕගොල්ලොන්ට තියෙන අලුත් අදහසුත් දාන්නකෝ.....😊😄

අපි එහෙනම් ඊලග එක Episode ආයෙත් හමු වෙමු... 😄😊😉

BYE BYE ලමයි 🖐🖐
LOVE YOU ❤
BORAHE💜

DREAM HIGH Where stories live. Discover now