Chapter 16

243 56 35
                                    

මං හිටපු තැනින් නැගිටලා කේන්ගෙ
අතින් ඇදගෙන එක්කගෙන ගියෙ එකපාරටම මතක් වුනු දෙයක් නිසා.කේන්ට වචනයක්වත් කතා කරන්න නොදී මං එයාව ඇදගෙන ගිහින් නතර වුනේ ලයිබ්‍රි එක පිටිපස්සෙ.

එකපාරට වුනු දේ හිතාගන්න බැරුව කේන් හිටියෙ තුෂ්ණිම්භූත වෙලා වගේ.

එයා මගෙ මූණ දිහාත් මං එයාගෙ මූණ දිහාත් තත්පර කීපයක් අපි බලාගෙන හිටියා. ඒ දිලිසෙන ඇස්වල මට නොකියන ; මට නොතේරෙන අමුතු කතාවක් තිබුණා.

මං පියවි සිහියට ආවෙ කේන් එයාගෙ බැල්ම වෙනස් කරගනිද්දි.දැනුණු සියුම් ලැජ්ජාවත් එක්කම මං අතේ තිබුනු බෑග් එක ඇරියෙ මූණ බිමට හරවගෙන.

මං අතට ගත්තෙ කලු ලෙදර් ජැකට් එක.හ්ම්ම් ඔයාලා හිතුවා හරි.මං හිතන විදියට ඒක කේන්ගෙ.මං දැකලා තිබුනා එයා ඒක ඇඳගෙන ඉන්නවා.ඒත් මට ඒක එයාගෙ කටින්ම දැනගන්න ඕනි වුනා.

ජැකට් එක අරගෙන මං කේන්ගෙ මූණ දිහා බැලුවා.මං හිතුවෙ ජැකට් එක දැක්කම එයාගෙ මූණ වෙනස් වෙයි කියලා.ඔව්....එයාගෙ මූණ වෙනස් වුණා.ඒත් ඒ මං හිතපු විදියට නෙවෙයි.එයා හිටියෙ හරිම සැහැල්ලුවෙන් හිනාවෙලා.

"ඒ කියන්නෙ ඒ ඔයා?"

මං ඇහුවෙ ජැකට් එක එයාගෙ මූණ ඉස්සරහට තල්ලු කරන ගමන්.

"ඔයාට ගොඩක් කල් ගිහින්."

එයා කිව්වෙ පෙර පුරුදු හිනාවෙන්මයි.

"ඒත් ඇයි?"

මං එහෙම අහද්දි එයා මොහොතකට නිහඬ වුණා.ඒත් ඊලඟ මොහොතෙ අත් දෙක සාක්කුවට දාගෙන එයා මගෙ මූණට බර වුණා.මං හිටියෙ ගල් ගැහිලා වගේ.එහෙම්මම මගෙ කන් පෙත්තක් ළඟට තොල් කිට්ටු කරලා එයා හෙමින් කෙඳිරුවෙ මාව සීතල වෙලා යන්න.

"ආදරේ නිසා"

එයා කිව්වෙ එහෙම.එකපාරටම හිසේ සිට පාදාන්තය වෙනකන් දුවපු හිරියක් ඇඟ වෙලාගනිද්දි මං තවත් ගල්  වුනා.

කිසි දෙයක් නොවුනු ගානට මගෙ අතේ තිබුනු ජැකට් එකත් අරන් කේන් එතනින් යද්දි මං ළඟ තිබුනු බිත්තියට වාරු වුණා.

"එයා මට ආදරෙයිද?"

මං මගෙන්ම සිය දහස් වතාවක් ප්‍රශ්න කළා.

Spring Will Come Back One Day - ||Spring|| [Completed]Where stories live. Discover now