Chapter 17

231 53 7
                                    

මුළු පොලෝ තලයම සඳ කිරණ සිප ගනිද්දි කේන්ගෙ හිතට නැගුණු අදිසි සිතුවිල්ලකට කේන් ඇමීගෙ නළල මත කෙටි නමුත් ආදරණීය හාදුවක් තැබුවේ සඳ දෙවඟනගේ ද ආශිර්වාදය මැද.අනපේක්ෂිත සිදුවීමෙන් ඇමීගෙ රතු දෙතොල් අතර ඇඳුණු මද සිනාව කේන් නොදැක්කෙ තමන් වැඩිදුර නොහිතා කළ දෙයින් ඇතිවුණු තරමක ලැජ්ජාව සඟවා ගැනීමට හැකි ඉක්මනින් කාර් රථයට නැග එතැනින් පිටව ගිය නිසා.

ආදරණීය හැඟීම් දෙහදක දළුලද්දි ඒ අහඹු සිදුවීම අහම්බෙන් ම නෙත ගැටුණු තවත් කෙනෙක්ගේ දෑත් මිට මෙළවුණේ නොදැනුවත්වම.ඒ වෙන කවුරුත් නෙවෙයි ඇමීව ලන්ඩනයට පා තබන්නට දිරි ගැන්වූ කෙනා.සහෝදරියක් ලෙසින්ම ළඟින් සිටි ඩියා.ඩියාගෙ මිට මෙළවුණු දෑත් කිසිවෙක් නොදැක්කා සේම ඇගේ දෑස්වල පොර බදපු කඳුළු බිංදුත් කිසිවෙක් දුටුවෙ නෑ.

කැනඩාවේ සිටි ඩියාට ලන්ඩන් එන්න තිබුනෙ එකම එක හේතුවයි.ඒ තම එකම සොහොයුරාගේ ඝාතකයා තම දෑතින්ම විනාශ කර දැමීම.ඩියා තාමත් හිතාගෙන ඉන්නෙ එයාගෙ මල්ලිව වගේම ඇමීගෙ අම්මවත් මරල දැම්මෙ කේන් කියලා.ඩියා කොහොම දැනගන්නද කිසි කෙනෙක් ඇත්ත නොකියද්දි.

කේන්ගෙ මේට් ඇමී කියලා මිඩ්නයිට් පැක් එකේ කිසි කෙනෙක් දැනගෙන නොහිටියත් ඩියා විතරක් ඒ ගැන දැනගෙන හිටියා.ඒ කොහොමද කියන එක අදටත් රහසක්.මොහොතකට කලින් තමන් දැක්කෙ මේට් කෙරෙහි ඇති වෙන අනිවාර්ය ආදරයේ ප්‍රතිඵලයක් කියලා ඒ හිතට තේරුම් ගියා.මේක කවදහරි වෙයි කියල හිතුවත් ඩියා කවදාවත් හිතුවෙ නෑ ඇමී තමන්ගෙ හැඟීම්වලට ඉඩ දෙයි කියලා.

මිට මොළවගෙන හිටිය අත් දිග හැරලා බිම දාපු සූට්කේස් එකත් අරගෙන ඩියා එතනින් ගියෙ ඇස්වලට පිරුණු කඳුළු අනිත් අතින් පිහිදාන ගමන්.

෴Amy's pov෴

ඉබේම මූණෙ ඇඳුණු හිනාව ගැන වගක්වත් නැතිව මං ගේ ඇතුළට ආවෙ මුළු හිතම අහේතුක සතුටකින් පිරිලා යද්දි.ඒ ඇයි කියලා මං දැනගෙන හිටියෙ නෑ.මට ඒ ගැන හිතන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.මට ඕනි වුණේ මේ මොහොතෙ ජීවත් වෙන්න.ජීවත් වෙන මොහොත විඳින්න.

හුඟක් වෙලා ඇඳේ ඒ මේ අත පෙරළි පෙරලි හිටියත් නින්ද තියා නින්දෙ ඥාතියෙක්වත් මං ළඟට ආවෙ නෑ.මගෙ හිතේ කල්පනා කරන්න දේවල් කඳු ගණන් ගොඩ ගැහිලා තිබුණා.

Spring Will Come Back One Day - ||Spring|| [Completed]Donde viven las historias. Descúbrelo ahora