Author's Note

258 65 99
                                    

෴After 3 Years෴

අවුරුදු තුනක් ගෙවිලා ගියෙ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට. රොනී , නුලී දැන් කසාද බැඳලා. පුංචි බබාලා තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් නිවුන්නු.

ලූක්,ලිලී ජෝඩුව තාම පුරුදු විදියට රණ්ඩු කරනවා.

"මං තමුන්ට කැමති නෑ. ර්ර්........ වදයක් නොවී යනවා."

"ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මං දන්නවා බබා ඔයා මට කැමති කියල. අනික ඔයාගෙ නමේම තියනවා ඔයා මට ආදරෙයි කියල."

"මොකක්?"

"ඔව්නෙ. බලන්නකො. ඔයාගෙ නම Lily. ඒකෙ තේරුම මේක."

ලූක් කොලේක මොනාහරි කුරුටු ගාද්දි ලිලීත් ඒකට එබුණා.

Ⓛuke

Ⓛove
Ⓨou

"දැක්කද?"

"ර්.....ගස් ගෙම්බා. වල් නරියා. මට එන කේන්තියට තමුන්ව කෝටු මස් කරල දාන්න පුලුවන්. මං තමුසෙට කැමති නෑ නෑමයි."

෴Meanwhile in Canada 🇨🇦 ෴

ඒ සරත් සමයෙ සුන්දර හැන්දෑ වරුවක්. අහස තැඹිලි පාටින් සායම් කරමින් ඉර බැස යද්දි රතු පාට මේපල් කොළ බිම හැළුණෙ තමන්ගෙ කාලය ඉවරයි කියල කියන්න වගේ. මේ වර්ණ සංයෝජනය නිසාම ඒක දුඹුරු පාට හැන්දෑවක් කිව්වොත් නිවැරදියි.

මේපල් ගස් අතරින් වැටුණු පාර දිගේ බිම වැතිරුණු මේපල් කොළ උඩින් සැහැල්ලු අඩි තියමින් කෙනෙක් ඇවිදගෙන ගියා. ඒ කෙනා නැවතුණේ ටිකක් පරණ පාට සොහොන් කොතක් ළඟ.

ලෝරා වෙම්බ්ලි

සොහොන් කොතේ ලොකු අකුරින් එහෙම ලියල තිබුණා. ආපු කෙනා එතනින් දණ ගහගෙන ගෙනාපු මල් පොකුරක් එතනින් තියලා කතා කරන්න ගත්තා.

"ලූනා, ඉතින් කොහොමද? හුඟක් කාලෙකට පස්සෙ නේද ? ඔයාට නම් ඉතින් පාලු නැතුව ඇතිනෙ. "

"දන්නවා ඔයාට උත්තර දෙන්න බෑ කියල. ඒ වුනාට දෙයක් ඉල්ලන්නම්. පුලුවන් නම් හැමදේකටම මට සමාව දෙන්න."

එහෙම කියල එයා එතනින් නැගිටලා ඇවිදගෙන ගිහින් නැවතුණේ ඊට එහා පැත්තෙන් තිබුණු සොහොන ළඟ.

ඇමේලියා වෙම්බ්ලි

ඒ සොහොනෙ අයිතිකාරයගෙ නම සටහන් කරල තිබුණෙ ඒ විදියට. එයා අතේ තිබුණු අනිත් මල් පොකුර එතනින් තියලා දනගහගෙන ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියෙ කතා කරන්න වචන අහුල ගන්න වගේ.

Spring Will Come Back One Day - ||Spring|| [Completed]Where stories live. Discover now