ඒ තද දුඹුරු පාට බලු පැටියා ගැන විස්තරේ මට මෙහෙම කියන්න පුලුවන්.... එයාගෙ හොම්බ දිගයි.... කන් දෙකත්.... ඒක දැක්කම මතක් වෙන්නෙ පුංචි නරි පැටියෙක්ව.... ඇස් දෙක ලොකුයි.... ඒ ඇස් හැම වෙලේම උනන්දුවෙන් වටපිට බැලුවේ ඉක්මනින් දේවල් ගැන දැන ගන්න කැමැත්තෙන් වගේ....
එයා බැලූ බැල්මට හැමෝගෙම හිත් ඇඳගන්න තරම් ලස්සනට බූල් පිරුණු ඇඟක් තිබුන බල්ලෙක් නෙමේ..... කොටින්ම.... එයාගෙ ඇඟේ ලෝම තිබුනේ තැනින් තැන.... ඒවා තද දුඹුරු පාට ලෝම.... ඒ ලෝම ටික ඇරුනම ඇඟ පුරාම තිබුනේ කිනිතුල්ලො නිසා ඇති වුනු තුවාල.... වලිගෙ නම් ලෝම තිබුනෙම නැති තරම්....
එයා මිල අධික සුනඛ විශේශයකට අයත් වුනේ නෑ..... අඩු තරමෙ අර්ධව මිශ්ර වුනු කෙනෙක්වත් නෙමෙයි..... කැපී පෙනෙන ලස්සනකුත් නැති එකේ කාටවත් එයා දිහා බලන්න වුවමනාවක් නැති බව මම දැක්කා...
වැස්සට තෙතබරිත වෙලා තිබුනු වීදිය දිගේ දුවන් ඇවිත් එයා මගේ දිහා බලලා වලිගය එහෙට මෙහෙට වැනුවා.... ඒ පුංචි කකුල් වල තරමක් උඩට වෙනකල්ම මඩ වලින් වැහිලා... හපොයි.... කකුල් විතරක් නම් මදෑ.... පිට පුරාමත් මඩ....!!!
දඟයෙක් වගේ.... මට හිතුණා....
"පැටියෝ..... කොහොමද...."
මගේ කටහඬ ඇහෙනවත් එක්කම හිස ඇල කරමින් එයා ඉස්සරහට ආවා.... මගේ අතේ තිබුණු බටර් බනිස් මල්ල දිහාට ඉව කරපු එයා මගේ දිහා ඒ ලොකු ඇස් තවත් ලොකු කරන් බැලුවේ හරිම හුරතල් විදිහට....
"ඔහ්.... ඔයාට බඩගිනිද....."
මම ඉක්මනින් බනිස් කෑල්ලක් කඩලා පදික වේදිකාව උඩින් තියලා ටිකක් පස්සට වුනා.... ටික වෙලාවක් යනකල් කල් මරපු එයා බනිස් කෑල්ලට ලං වෙලා ඒක හපන්න ගත්තේ මගේ දිහා විටින් විට බලන ගමන්....
"ඔයා මාත් එක්ක යන්න එනවද.... ඔයාව නාවලා ගත්තම අනිවාර්යයෙන්ම ලස්සනට ඉදීවී...."
අයිගෝ... බල්ලො කැමති නෑ එයාලව නාවනවට..... ඒක ගැන කිව්වෙ අපරාදේ.... ඒත් එයා දිහා බැලුවම නම් එයා නානවා තියා ඒ වචනෙ තේරුමවත් දන්න බවක් පෙනුනෙ නෑ....
අන්තිමට කොහොම හරි මම ගෙදරට ආවා.... ඒත් ගෙට යන්නත් කලින් නතර වෙන්න වුනේ අම්මගෙ කෑ ගැහිල්ලට....