උදේම අවදි වෙලා මම මිදුලට ගියා.... මගේ රාජකාරී ස්ථානයේම පිටුපසින් තිබුනු උණුසුම් මෙන්ම සුවපහසු කුඩා නිවස තුළින් ඇඳී ආවේ උදේ මම හදපු පුඩින් එකේ සුවඳ....
උණු කෝපි කෝප්පෙකුත් අරන්ම ගේට්ටුව ලඟට ගිහින් මම බිම තිබුණු පුවත්පත අතට ගත්තා....
"ඩොක්ටර්.... සමාවෙන්න.... මම වේලාසන වැඩියිද මංදා...."
පෙරදා රැයක කුඩා බලුපැටියෙක් සමඟ පැමිණි තරුණයා ගේට්ටුවට එහා පසින් ඉදන් මට ආචාර කලා....
"අහ්... නෑ එන්න.... දැන් කොහොමද ජෙසීට.... ජෙසී නේද එයාගෙ නම... මම හරි නේහ්...."
"ම්ම්ම්.... ඔව් ඩොක්ටර්.... එයාට තවමත් මොකක් හරි වේදනාවක් දැනෙනවා ඇති.... උද්‍යෝගිමත් පාටක් නම් කොහෙත්ම පේන්න නෑ.... ඒ කිව්වෙ එයා කලින් හිටියා වගේ නෑ පොඩ්ඩක්වත්...."
"ඔව්.... ඒක එහෙම වෙන්න ඇති.... අපි බලමු.... ඇතුළට ගේන්නකෝ....."
පුංචි ජෙසී හිස ඒ මේ අත හරවා උනන්දුවෙන් මගේ දිහා බැලුවා... තවමත් එයාගෙ වෙලුම් පටි අතරින් පෙනුනු තුවාල මට ලොකු දුකක් දැනවෙව්වා.....
"හැලෝව් ජෙසී.... කොහොමද ඔයාට.... ම්ම්ම්..... එයා මොනවා හරි කෑවා බිව්වද....."
"කිරි එකවත් හරියට බොන්නෙ නැහැ ඩොක්ටර්... මම ඒකමයි උදෙන්ම අරන් ආවේ...."
"ඒකත් එහෙමද.... අපි එයාට සේලයින් ටිකක් දෙමු.... නැත්නම් ඇඟ දුර්වල වෙයිනේ..... විටමින් එකක් එහෙම ලියලා දෙන්නම් මං.... කෑම බීම හරියට ඇඟට නොවැටුනොත් විටමින් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....."
"ඩොක්ටර්.... මට සමාවෙන්න කලින් වුනු අතපසුවීමට.... ඩොක්ටර්ගෙ සම්පූර්ණ ගාස්තුවම මම අද ගෙවන්නම්....."
"මට සල්ලිවල ඒ හැටි වැදගත්කමක් නම් නෑ.... ඒත් ඔයා කැමති නම් දෙන්න පුලුවන් ප්‍රමාණයේ මුදලක් අර අතන තියෙන පුංචි පෙට්ටියට දාන්න..."
"ඩොක්ටර්.... ඒත් එහෙම...."
"මම හැම වෙලාවෙම එහෙම තමා කරන්නේ.... අනික මම ජෙසීව බේරගන්න පුලුවන් වුනු එක ගැන ගොඩාක් සතුටු වෙනවා... ඒ නිසා ඒක ගැටලුවක් කර ගන්න එපා.... ඔයා කැමති මුදලක් ඒකට දාන්න...."