Confirmed ❤🤝

330 66 10
                                    

කැම්පස් එකට හවස් වුණා.....

කුකී ලීසා එනකම් ගර්ල්ස් හොස්ටල් එක ලග බංකුවට වෙලා බලාගෙන හිටියා....

ලීසා ත් ලස්සනට ඇදගෙන කුකී ඉස්සරහට ආවා...

" අපි යමු ද කුකී "

"ආ යමු........" එහෙම කියල දෙන්නම කැම්පස් එකෙන් එලියට ආවා...

" හරි අපි දැන් කොහෙද යන්නේ....." ලීසා ම යමු කියල එයාම යන්නේ කොහෙද ඇහවුම කුකීයට පිස්සු වගේ.....

"අහ් අනේ මන්ද....මම මේ පැත්ත ගැන දන්නේ නෑ..."

" ආ ඔව් නේ...සොරි සොරි...මේ අහන්නකෝ කුකී...මෙතනින් බස් එකේ නැගල පොඩ්ඩ දුරක් යද්දි රසම රස කෑම තියන චයිනීස් කඩයක් තියනවා....ඒකේ කෑම වලට මම හරිම ආසයි...අපි එතනට යමු ද..."

"අහ් ඔයාට ඕනේ තැනක්..." කුකී ලීසා එක්ක අපායට යන්න වුනත් ආසාවෙන් තමා ආවේ...

බස් එකට නැග්ග කුකී පර්ස් එක අතට ගත්තත් ඒකේ තිබුණේ 20 කොලයක් විතරයි.......

" ඈ මේකේ තිබ්බ සල්ලි කෝ....ඊයේ රෑත් මම පර්ස් එක බැලුවා නේ.....දැන් මම කොහොමද ලීසාටත් එක්ක ටිකට් ගන්නේ....අයියෝ මල ලැජ්ජාව...."

ඇත්තම කිව්වොත් කුකී ගේ පර්ස් එකේ සල්ලි නැති එක ලොකු පුදුමයක් නෙවෙයි....අර කොට ජිමිනා මහ රෑ කුකී ගේ පර්ස් එකෙන් සල්ලි ඉස්සුවේ ලීසා ඉස්සරහ කුකී ව ලැජ්ජා කරන්න හිතාගෙනමයි.....පව් අපේ Poor කුකියා....

ලීසා ත් බලාගෙන හිටියේ කුකී ටිකට් ගන්නකම්.. ඒත් කොන්දොස්තරගේ සද්දේ අහගෙන ඉන්න බැරුවම ලීසා සල්ලි දුන්නා....

"කමක් නෑ කුකී මම ගන්නම්කෝ..." ලීසා එහෙම කියල සල්ලි ගත්තා...

අපේ කුකියට නම් මල ලැජ්ජාව........

බස් එකෙන් බැස්ස මේ දෙන්නා කෙලින්ම ගියේ කෑම කඩේ ට.....

" කෑම මම ගානේ ඔන්න....ඇත්තටම ඔයා මට උදව් කරපු නිසාමයි මට ඔයාට මෙහෙම ට්රීට් එකක් දෙන්න ඕනේ කියල හිතුවේ....ඒ හින්ද බඩ පිරෙන්නම කන්න..."

ලීසා එහෙම කියද්දි කුකීයට හිතුනේ වෙනම එකක්....

"කොහොමත් මට අද කන්න වෙන්නේ ඔයා ගානෙ තමා.....මොන ලැජ්ජාවක් ද මන්දා..."

Crazy University ❤Where stories live. Discover now