Neverthless 💘

328 60 26
                                    

ටේ පහුවදා නැගිටිද්දි කලින් දවසේ වෙච්චා දේවල් නිකන් හීනයක් වගේ වුනා..... ලීසා ගැන හිතන්න ගත්තත් ජෙනීව මතක් වෙන්න ගත්තා... ඒත් ඒක ටේ ට සතුටක් ද දුකක් ද කියලා එයාට හිතාගන්න බැරි වුනා...ඇදෙන් නැගිටල මූන හෝදගන්න ගියා... තියන අඩියක් ගානේ එයාට කලින් දවසේ වුන දේම පේන්න ගත්තා...

කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා හැමෝම එලියට ආවා... පුරුදු විදිහටම හැමෝම කැන්ටිමට ගියා..

කෙල්ලො ටික හැමෝම ගිහින් පුරුදු මේසෙම වාඩි වුනා...

කොල්ලො ටිකත් පුරුදු මේසෙම වාඩි වුනා.. ඒත් ජිම්න් ගිහින් වාඩි වුනේ නම් පුරුදු මේසේ නෙවෙයි..

අපේ කොට ජිමිනා ගිහින් රෝස් ට එහා පැත්තෙ තිබ්බ පුටුවේ ඉදගත්ත...

ඒ වෙලවේ රෝස් ගෙ රතු කට්ට නම් පැන්න ශුවර්....

" වෙන පුටු නැද්ද ඉදගන්න.."

" තියනවා..... ඒත් අපි දැන් යාලුවෝ නේ.. ඉතින් අපි එකට ඉමූ....ඒයි කුකී ටේ ජිනෝ මෙහෙට එන්න.. මේ මේසෙ ඉඩ තියනවා..."

" අනේ අරූට පිස්සුද බන් ඇත්තටම.,... ගිහින් එතනින් ඉදගෙන තියෙන්නේ..... අපිව හැමවෙලේම ලැජ්ජා කරනවා..."

ජින් එහෙම කිව්වෙ අතේ තිබ්බ නෙස්කැෆේ කෝප්පේ පොඩි කරන ගමන්....ඒත් කුකී ට නම් එතනට යන්න ලොකු උමමනාවක් තිබ්බා.. ටේ ට නම් ඔක්කොටම වැඩිය තිබ්බේ ලැජ්ජාවක්..

මොනවා කරන්නද... ජිමිනා පල් වෙනව බලන් ඉන්නත් බැනේ.. තුන්දෙනාම කෙල්ලන්ගේ මේසෙට ගියා..

ටේ හිටියේ ජෙනී ගේ මූනා දිහා බලන්න බැරි තරන් ලැජ්ජාවේ... ජෙනී ට නම් කලින් දවසේ වුන දේ ලොකු සතුටක් වුනා.....

හැමෝම කාල ඇවිදගෙන ගියා...

" මේ අපි යමුද ෆිල්ම් එකක් බලන්න...ලස්සන එකක් තියනව.. "

ජීසෝ එකපාරටම කිව්වා...

" ඕ වාව් නියමයි යමු... "

ජිමින පිස්සුවෙන් වගේ කැගහුවා...

" අපි හැමෝම දැන් යාලුවෝ නිසා මේක අපිට එකට ඉන්න හොද වෙලාවක් වෙඉ..හෙට ලෙක්චරුත් නෑනේ "

Crazy University ❤Where stories live. Discover now