Chapter 06 🍂

583 154 86
                                    

Jungkook p.o.v.

කාලයත් එක්ක අපි හැමෝම කාර්‍යබහුල වුනේ හය්ස්කූල් එකේ ෆය්නල් එක්සෑම් එකත් එක්ක. මේකෙන් හොදටම පාස් වුනොත් සෝල් යුනිවසිටි එකේ මෙඩිකල් කොලේජ් එකට මට යන්න පුලුවන් වෙය්. මං එක්සෑම් එකට හොදට මුහුන දුන්නා. මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙනීම වට්ටගන්න බැහැ. මට එච්චර දුර්වලයෙක් වෙලා ජීවිතේ නාස්ති කරගන්න කොහොමටවත් බැහැ. මං හොදටම දන්නව එච්චර මෝඩ වුනොත් මට කොහොමටවත් ටේහ්‍යුන්ව ලැබෙන්නෙ නැහැ කියලා.

ටේහ්‍යුනුත් විභාගෙට හොදින් මූන දෙන්න ඇති. මට ඒක විශ්වාසය්. ඒත් එයා හරිම සංවේදි කෙනෙක් කියලා මට ගත වුනු සති කීපය තුළදි හොදටම පැහැදිලි වුනා. පුංචි දේ ගැන වුනත් එයා ඕනවට වඩා හිතලා හුගක් ඇඩුවා. අපි දෙන්නටම තිබුනු ප්‍රශ්නය එක වගේ වුනත් අපි දෙන්න ඒකට මූණ දුන්නෙ දෙවිදියකට. එයා හැමවෙලේම කඩාගෙන වැටුනා. එයාට අඩන්න පුලුවන්කම තිබුනා. එයා මගෙ පපුවට තුරුල් වෙලා හැමදාම ඇති වෙනකම්ම අඩනවා. ඒකෙන් එයාට සැනසීමක් දැනෙන බව දන්න නිසාම මං එයාට ඒකට ඉඩ දුන්නා.

ඒත් මගෙ තත්ත්වය...... මට අඩන්න පුලුවන්කමක් නැහැ. ටේහ්‍යුන් ඉස්සරහ මට කොහොමටවත් අඩන්න බැහැ. ඒකෙන් ප්‍රශ්නය ඇති කරපු කෙනාවම රවට්ටනව වගේ වරදකාරී හැගීමක් මට දැනෙනවා. මං හැගීම් ගැන ඕනවට වඩා නොහිතා ජීවත් වෙන්න පුරුදු වුන නිසාමද මන්දා මට හිතේ වේදනාව හිර කරගෙන කිසි දෙයක් පිටට නොපෙන්වා ඉන්න පුලුවන් වුනා. වාසනාවට.... මට ටේහ්‍යුන් ඉස්සරහ මගෙ හැගීම්.... කදුලු හැමදේම පාලනය කරගන්න පුලුවන් වුනා. යාලුවා කියන රේඛාවෙන් පිට ගිහින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මට කොහොමටවත් ඕනෙ නෑ. ජියොන් ජන්කුක්.....!!! තමුන්ගෙ තරම තේරුම් අරන් ඔලුවෙන් වැඩ කරන්න. ටේහ්‍යුන්ව දකින හැම වෙලාවකට මං මටම තරවටු කරගත්තා.

මං තනියම ඉන්න වෙලාවට නිතරම ඔහේ කල්පනා කරන්න ගත්තා. මිනිස්සු අඩන්නෙ දුක පිට කරන්න වෙන්නැති. ඒ නිසා කවුරුත් නැති තැනකට වෙලා මමත් ඇති වෙනකම් අඩන්න පුරුදු වුනා. ටේහ්‍යුන් මගෙ පපුවට තුරුල් වෙලා දුක කියලා අඩන වෙලාවට හිර කරගන්න කදුලු මං පාලු තැනකට වෙලා පිට කලා. මං ප්‍රාර්ථනා කලා මටත් තුරුල් වෙලා අඩන්න කෙනෙක් හිටිය නම් කියලා. ඒත් මගෙ හිත හොයන්නෙ එක්කෙනෙක්ගෙ උනුහුම.... රැකවරණය විතරය්. ටේහ්‍යුන්..... ඒත්.... මොක්ද්දෝ හේතුවක් නිසා මාව ඒ දෙය්න් ඈතටම යනව වගේ මට දැනුනා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now