Chapter 07 🍂

609 150 65
                                    

Jungkook p.o.v.

හය්ස්කූල් ජීවිතේට සමුදීලා දැනට මාස දෙකක්...!! ලබන මාසෙ ආපහු යුනිවසිටි පටන් ගන්නවා. යුනිවසිටි ගියාමත් ටේහ්‍යුන් මගෙ ළඟ ඉන්න එක ගැන මට තිබුනෙ සතුටක්. ඒත් මම ඇත්තටම සතුටු වෙන්න ඕනෙද....?? නැත්තම් එයා තව දුරටත් මගෙ ළඟ ඉන්න නිසා මට එයාව අමතක කරන්න අමාරු වෙලා තව තවත් එයාටම බැදෙන්න යන එක ගැන දුක් වෙන්න ඕනෙද.....?? මොන දේ වුනත් අවසානය හිතාගන බැරි විදියෙ විනශයක් වෙය් කියන භයානක හැගීම මගෙ හිතේ තිබුනා.

ටේහ්‍යුන් තවත් කාලයක් මගෙ ළඟින් යාලුවෙක් විදියට ඉදීවි කියන සිතුවිල්ල හිතට අමුතු සතුටක් ගෙනාවත් මං ඒ ගැන ඇත්තටම බය වුනා. එය නිතරම මගෙ ළඟින් ඉදිද්දි මං එයාව තව තවත් සතුටින් තියන්න උත්සාහා කරාවි. එයා ඒකෙන් මං හොද යාලුවෙක් කියලා තව තවත් විශ්වාස කරාවි. ඒත් දවසක.... සමහර විට එයාට යෙඔන්ජුන් නොවුනත් වෙනත් කෙනෙක් හරි ආදරේ කරාවි. එදාට මම මොකද කරන්නේ.....?? එයා එක්ක මගේ තියෙන ගනුදෙනු වැඩි වෙන තරමට අන්තිමේදි මට දරාගන්න බැරි තරමට රිදේවි.

බැරි වෙලාවත් එයා මගෙ හැගීම් දැනගත්තොත්.... ආදරයෙදි මම ඕනවටත් වඩා ඍණාත්මකව හිතන්න ගත්තා. යටි හිතේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් තිබුනත් ලැබීමක් නැහැ කියන ඍණාත්මක සිතුවිල්ල මගෙ හිතේ ඕනවටත් වඩා ගැඹුරට මුල් ඇදලා තිබුනා. ඒ නිසාම වෙන්නැති මම ටේහ්‍යුන් මගෙ හැගීම් ගැන දැනගන්නවට මෙච්චර බය වුනේ. ඒ දවසෙදි එයා මට වෛර කරන්න පුලුවන්. මාව පිළිකුල් කරන්න පුලුවන්. එයාට ලං වෙන්න බැරි කමට එයාව රැවට්ටුවා කියලා මට අපහාස කරන්න පුලුවන්. මොන දේ වුනත් අන්තිමේදි වෙන්නෙ මට තව තවත් රිදෙන එක.....

මං දන්නවා මගෙ කතාවට Happy Ending එකක් නැහැ කියලා.....

ඒත්..... ඉස්සරහට මොන දෙයක් වුනත් මේ ගෙවෙන තප්පරේ මගෙ හිතට එකගව ජීවත් වෙන්න මට ඕනෙ වුනා. ටේහ්‍යුන් එක්ක.... එයාට බොරු කලත් මට එයා ගාවම ඉන්න ඕනෙ වුනා. ඒකෙන් අනාගතේ ඇති වෙන මහ භයානක දේ දැක දැකම මම ඒ වැරැද්දට බැදුනා. හේතුව.... ආදරය....!!! ලෝකෙ තියෙන ලස්සනම සහ භයානකම වැරැද්ද.... ආදරය....!!!

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now