Chapter 03 🍂

694 177 64
                                    

Jk p.o.v.

දවසින් දවස සාමාන්‍ය විදියට ගෙවිලා ගියේ අලුත් හය් ස්කූල් එක ගැන මගේ හිතේ යහපත් අදහසක් ඇති කරමින්. බුසාන්වලදි අනික් ලමය් මාව පිළිකුල් කරමින් කොන් කලාට සෝල් වල ලමය් මාව ඒ විදියට දැක්කෙ නැහැ. ඇත්තම කිව්වොත් එයාලා මට අවධනයක් දුන්නෙ නැහැ. එයාලගෙ අවධානය අඩු වීම මට මෙහෙ ජීවිතේ තවත් ලේසි කලා.

එක්කෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් මං කියලා කෙනෙක් ස්කූල් එකේ ඉන්නව කියලවත් තැකීමක් කලා කියලා මං හිතන්නෙ නෑ. ඒක්කෙනෙක් ඇරෙන්න..... එයා මං කෙරෙහි විශේෂ සැලකිල්ලක් දවක්වනවද....? නැත්තම් ඒ එයාගෙ විදියද....? එහෙමත් නැත්තම් එයා මට අනුකම්පා කරනවද....? මේ කිසිම දෙයක් ගැන මට හරි අදහසක් තිබුනෙ නැහැ. කාගෙවත් අවධානය යොමු වෙනවට අකමැති මම කවදාවත් නැතුව එයාගෙ අවධානය මට ලැබෙනවට ආස කලා. ඒ ඇය් කියලා මට හොයන්න උවමනාවක් තිබුනෙ නැහැ. ඒත් මං ඒකට ආස කලා. හුගක්....

කිම් ටේහ්‍යුන් දිහා මං කෙලින් බැලුවෙ තාම එකම එක පාරක් වෙන්න ඇති. ඒ වෙලාවෙ මගෙ හිතේ ඇඳිලා තිබුන රූපයය් ඇත්ත රූපයය් සමාන වුනාම මගේ මුලු හිතම මහ අමුතු හැගීමකින් හිරි වැටිලා ගියා. ඒ හැගීම් මට අලුත්... නුහුරුය්... ඒත් එයා ළඟ ඉදිද්දි දැනෙන හැගීමට මං හුගක් ආස කලා. ඒ හැගීම්වල තිබුනෙ පුදුමාකාර ලස්සනක් කියලා මට දැනුනා. කිම් ටේහ්‍යුන් කියන ලස්සන පිරිමි ලමය වගේම ඒ හැගීම්වලත් තිබුනෙ විස්තර කරන්න බැරි ලස්සනක්.

හිස් බවින් පිරිලා තිබුණු මගෙ ජීවිතේට හිතන්න... කල්පනා කරන්න දෙයක් කිම් ටේහ්‍යුන්ව දැක්කට පස්සෙ ලැබුනා වගෙය් මට දැනුනේ. මං නිතරම එයා ගැන කල්පනා කලා. ඒ දිලිසෙන ඇස්... නිතරම හිනා වෙලා ඉන්න මූන... මිනිස්සුන්ට ලං වෙන්න මං කොච්චර බය වුනත් මට කිම් ටේහ්‍යුන් ගැන එහෙම බයක් දැනුනෙ නැහැ.

ටේහ්‍යුන් හුගක් සමාජශීලී පිරිමි ළමයෙක්. ස්කූල් එකට ආපු පලවෙනි දවසෙම එයා මුලු පන්තියම එයාගෙ යාලුවො කරගත්තා. මාත් එක්ක එයා කතා කරන්න කීප පාරක්ම උත්සාහා කලත් මං එයා එක්ක කතා කරන්න මැලි කමක් පෙන්නුවා. සමහරවිට එයා හිතන්න ඇති ඒ මගෙ ලැජ්ජාශීලීකම හරි බයගුලු කම හරි කියලා. මං නිහඩ කෙනෙක්. ගෙදරදි ඔම්මය් අප්පය් එක්ක පවා මං දවසකට කතා කරන්නෙ වචන දහයකටත් අඩුවෙන්. ඉතින් කිම් ටේහ්‍යුන් එක්කත් කතා කරන්න දෙයක් මට තිබුනෙ නැහැ. පුද්ගලයෙක් එක්ක කතා කරන්න ඕනෙ මොනවද කියලා මට අදහසක් තිබුනෙත් නැහැ. ඒ නිසා මම තීරණය කලා නිහඩවම ඉන්න. එයාට කතා කරනවට වඩා එයා දිහා බලාගෙන ඉදීමෙන් ලැබෙන අමුතු හැගීම මට තෘප්තියක් ගෙනාවා.

Autumn Leaves...🍂 (Completed ✔️)Donde viven las historias. Descúbrelo ahora