Be My Love ❤

872 156 47
                                    

#BEMYLOVE

මම සේහා....ලෝකයක් හොල්ලපු ෆැශන් ඩිසයිනර් කෙනෙක් කිව්වොත් හරියටම හරි...මට වයස විසි නවයයි...මන් ඉන්දියන් කෙල්ලෙක්..බොලිවුඩ් වල මගේ අතින් නිර්මාණය කරපු ඩ්‍රස් එකක් යූස් කරපු ඇක්ටර්ස්ලා නැති තරම්...මේ පොඩි කාලෙට මගේ දක්ශතාවය වගේම අම්මගේ අප්පගේ තල්ලුව නිසාම මන් ලෝකයක් දින්නා..

මගේ ලක්ශරි අපාර්ට්මන්ට් එකට වෙලා කොටම කොට ශෝර්ටක් ඇදගෙන ස්කිනර් එකකුත් ඇදගෙන හෙඩ් සෙට් දෙකත් දාගෙන සද්දෙට සින්දුවක් අහන ගමන් මන් කෑමක් හදන්න ගත්තේ පොඩි කාලේ ඉදන් උයන්න මන් කැමති නිසා...

නිවාඩුවක් හම්බුන වෙලාවට මන් කරන්නේ කෑමක් හදන එක.එහෙම නැත්තන් ගෙම්බා පොලොවේ ගැහුවා වගේ නිදාගන්න එක.ඒ ඇරෙන්න මන් සෝශල් මීඩියාවත් යූස් කරේ නෑ..අඩුම මට තිබ්බේ ෆේක් ඉන්ස්ටා අකවුන්ට් එකක්.මන් කැමති උනේ ජනප්‍රිය වෙන්න...මන් දන්නවා මන් එලියට බැහැලා යන හැම වෙලාවකම මගේ ෆෝටෝ එකක් දෙකක් සෝශල් මීඩියා වල ශෙයා වෙනවා කියලා...

එක පාරටම මට ආව කෝල් එකක් නිසා මගේ කල්පනාව බිදිලා ගියා..හෙඩ් සෙට් එකත් ගලවලා අදුරන්නේ නැති නම්බර් එකෙන් ආව කෝල් එක මන් ආන්සර් කරේ සැකෙන් වගේ.

*📞හෙලෝව් මිස් සේහා මන් මීරා.මන් නම්බර්ස් චේන්ජ් කරා

🌼අහ් මීරා කියන්න හදිසීයක්ද

මීරා කියන්නේ මගේ සෙකට්‍රි...මට තනියම කරගන්න බැරි තරමට වැඩ තියන නිසා මන් මගේ ලගම නෑ කෙනෙක් උන මීරාව සෙකට්‍රි කරගත්තා

*📞සේහා මිස්, මිස්ට කොරියා වල ඩ්‍රස් ඩිසයිනින්ග් එක්කට ඉන්වයිට් එකක් ඇවිත් තියනවා

🌼මට මේල් කරන්න මීරා ඩීටේල්ස් මන් බලන්නම්.ඔය මිස් කෑල්ල නතර කරගන්නවද

📞බැහ්.මන් තිබ්බා බායි

මගේ මූනට හිනාවක් ආවේ මේ පිස්සු කෙල්ල නිසා.මට වඩා අවුරුදු තුන හතරක්ම බාල මීරා මගේ ස්ට්‍රෙස් නැති කරන්න කියාපු බෙහෙත.කට ඇරියොත් පලාතක් හිනස්සන්න පුලුවන් කෙල්ලට...

හද හද හිටිය කෑම එකත් අතර මග දාලා මන් ගියේ ලැප් එක හොයාගෙන..

BE MY LOVE (SHORT STORY)Where stories live. Discover now