22th Chapter ✌️

447 132 157
                                    

🍃🍃🍃🍃🍃🍃🍃🍃

One Week Later ....

ජොන්ග්ගේ වෙන්වීමත් එක්ක හෝබී එයාගේ බිස්නස් එක්කම JH   Company  CEO තනතුරට පත් වීමත් සමග බොහෝ දෙනාගේ සුභාශීක්ෂණ එයට ලැබුනත් NIS එකට එය තවත් ප්‍රබල බාදාවක් වුනා...හෝබීට මේ ගැන සතුටක් නොතිබුනේ දැන් ඒ සියලුම බර  තමන්ට දරන්න වුන නිසයි..ෆියුනරල් එක නිසා හෝබීගේ මැරේජ් එක කල් ගියා.. ඒ වගේම එදා දවසෙන් පස්සේ යුංගි ඒ අයට පෙන්නවත් හිටියේ නැහෑ... ඒත් JH company  එකේ කොටස් වල අයිතිය යුංගිටත් ජොන්ග්  ලියලයි තිබුනේ... ඒත් එයා ඒ දේවල් ගැන උනන්දු නොවී තමන්ගේ පාඩුවේ හිටියා  ...

හෝබීට යුංගී ගැන තිබ්බ තරහා අඩු වුනත් සම්පූර්ණයෙන්ම එය නැති වුනා කියන්න බැහෑ....

සූබීට එයාගේ අප්පාගෙයි යුංගිගෙයි අතර තිබ්බ බැදීම ගැන තිබ්බ ප්‍රශ්න වලට එයාට උත්තර හම්බුනේ දොන්ග්  මින්ගෙන්.. ඒ ගැන ඇහුවට පස්සේ සූබීට ලැජ්ජාවක් ඇති වුනත් ඒ දේවල් වුනේ සූබි වගේම යුංගිත් නොදැනුවත්ව නිසා අමාරුවෙන් හරි ඒ මතකය අමතක කරන්න සූබීට සිද්ද වුනා. ඒ නිසාම සූබී ආයෙත් ස්ටඩීස් වලට ඇමරිකාවලට ගියා...

කිසිම ප්‍රශ්නයක් නැතුව සතියක් ගෙවිලා යද්දී හෝබී එයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න එයාගේ පළවෙනි අඩිය මින්හා එක්ක තියන්න සූදානම් වුනා..

" ඔප්පා.. මේ දේ වුනාට කමක් නැත්ද ? 😔 "

මින්හා කීවේ බිම බලාගෙන...

" අපිට හැමදාම ඒ දේවල් ගැන හිතන් දුක් වෙන්න බෑනේ මැණික.. අපිට කාලේ ආපස්සට ගන්න බෑ.. අප්පා අපි එක්ක ඉන්න කාලේ අපිට මැරිකරන්න බැරි වුනත් එයා හිටියනම් අද එයත් සතුටු වෙයි.. මට තේරුනා.. එයා මට ගොඩක් ආදරේ කරලා තියෙනවා ... අප්පා කොහේ හරි ඉදන් අපි දිහා බලන් ඇති මැනික. ඒ නිසා දැන් ඔය ලස්සනට තියෙන මූණ අඩලා කැත කර ගන්න එපා.. ".

හෝබී කීවේ මින්හාගේ මූණ නිකටෙන් උස්සලා...

" කියොප්තා... "

වෙඩින් ඩ්‍රස් එක ඇදන් බ්‍රයිඩ්ට  ලෑස්ති වෙන්න තිබ්බ රූම් එකේ කණ්නාඩිය ඉස්සරහා ඉදගෙන හිටිය මින්හාගේ උරිස්සෙන් අල්ලන් කණ්නාඩියෙන්ම මින්හා දිහා බලන් හෝබී කීවේ හරි හුරතල් විදිහට... ඒ නිසාම මෙච්චර වෙලා මැලවිලා තිබ්බ මින්හාගේ මූණට පොඩි එළියක් ආවා..

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now