18th Chapter ✌️

405 131 93
                                    


" අහ්.. කොමා.......වෝ... ඔයා.. "

" මං හිටිය නිසා හොදයි..."

" නම්ජූනා.. 😖 කොමාවෝ ... "

" අනී.. ක්වෙන්චනා ... "

නම්ජූන් හෝබිව වාරු කරන් කාර් එකට ලගට ඇවිත් හෝබීට බොන්න වතුර බෝතලයක් කාර් එකෙන් අරන් දුන්නා.. හෝබී ඒකෙන් මූණ ටිකක් තෙමන් එක උගුරට බෝතලේම හිස් කලා...

" මොකද වුනේ?.. "

" අනී..මේ පොඩි කැරකිල්ලක්.. "

" බෙහෙත් ටිකක් ගන්නවද? "

" ඕනේ නෑ.. මං ගෙදර යන්නම් දැන්.. උබත් පලයන්.. කොමාවෝ .. "

හෝබී නම්ජූන්ට තට්ටුවක් දාලා කාර් එකේ නැගලා එපාර්ට්මන්ට් එකට ගියා.. හෝබී ගෙදරට ආවේ වැනි වැනී වගේ.. ටික වෙලාවකට කැරකිල්ල අඩු වුනත් කාර් එක ඩ්‍රයිව් කරන් ආව නිසා ආයෙත් ස්ට්‍රෙස් එකටත් එක්ක  අඩු වෙලා තිබ්බ ඔලුවේ කැක්කුම ආවේ කලින්ටත් වඩා වැඩියෙන්.. හෝබීට දැනුනේ කන *කීන්..* ගාන් යනවා වගේ සද්දයක්.. ඒ එක්කම වටේම බොද වෙන ගතියත් , ඇගේ බැලන්ස් එක නැති වෙන ගතියත් එක්ක හෝබී එක පාරට ඔලුව අල්ලන් බිම දන ගහන් හයියෙන් වේදනාවෙන් කෑගහන්න ගත්තා...

" ආආආආආ. 😖😖😖😖😖 F#@&@*   අහ්.. "

හොබී ටික වෙලාවක් ඔලුව අල්ලන් බිමට වෙලා ඉදලා වැටි වැටී නැගිටලා වට පිටේ බඩු වලට වාරු දිදී රූම් එකට ගියේ දනගාගෙන වගේ... රූම් එකේ බෙඩ් සයිඩ් ටේබල් එකේ drawer  එක ලගට ගිහින් ඒක ඇතුලේ තිබ්බ ටැබ්ලට්ස් බොට්ල් එක අරන් වේදනාවත් එක්ක හෝබී ටැබ්ලට්ස් අහුරක්ම අරන් කටේ දා ගෙන එහෙන්ම බිම බෙඩ් එකට හේත්තු වුනා...

" ශිට්.. 😖😖😖😖😖 "

හයියෙන් ඔලුව අල්ලන් හෝබී දනිස් දෙක අතර ඔලුව රදවන් වේදනාවටත් එක්කම අඩන්න ගත්තා...

" වෙහ්හ්.. වෙහ්හ්.. ඇයි මට මෙහෙම වෙන්නේ.. 😭😖 එක පාර මාව මරලා දාන්න.. "

හෝබී කීවේ තව කෙනෙක්ට මේ ගැන චෝදනා කරන්න වගේ.. මේ හැමදේකටම හෝබී දොස් පැවරුවේ උඩ ඉන්න දෙවියන්ට..

කදුලු වලින් දනිස් තෙත් කල හෝබීට එක පාරට දැනුනේ එයාගේ කෙස් අතර සිනිදුවට යන අතක පහසක්.. ඒ අතේ උණුහුම හෝබීට හුරුයි... ඒ උණුහුම හෝබීගේ හිත හෙව්ව දේ වගේ.. ඔලුවෙන් දැනුන වේදනාව ටික ටික අඩු වෙන ගතියක් හෝබීට දැනීගෙන එද්දිම හෝබී ඇස් අඩවන් කරන්ම ඒ කෙනාව බලාපොරොත්තුවෙන් ඔලුව හිමීට උස්සලා බැලුවා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Onde histórias criam vida. Descubra agora