හතරවන දිග හැරුම....📜

258 68 196
                                    

"Professor විජේවර්ධන ඔයාට හොඳටම විශ්වාසද ඒක තවත් කැලෑව ඇතුළට වෙන්න තියෙන්නෙ කියලා?" අනිත් අය එහෙම ඇහුවේ යොහානි එයාලා කැණීම් කර කර ඉඳපු තැන අත්හැරලා කිසිම දෙයක් ඇති කියලා හිතාගන්නවත් අමාරු තැනක් කණින්න ඕන කියලා කියපු නිසා.

"මිස්ටර් ලොකුහෙට්ටි මම හිතනවා මම වගේම ඔයත් මෙතන ප්‍රධානියා කවුද කියලා හොඳටම දන්නවා කියලා" යොහානි ටිකක් විතර කේන්තිය මුසුවුණු කටහඬකින් කිව්වා. "ඒක නිසා මට ආයෙ කියන්න තියන්නේ නැතුව කියපු දේ කරොත් නරකද? ඔයාලට අමතර ප්‍රශ්න ඇති කරගන්න උවමනාවක් ඇති කියලා මම හිතන්නේ නෑ"

යොහානි අන්තිමටම කියපු දේ තිබුණු තර්ජනාත්මක ස්වරයෙන් නිසාම එතැන ඉඳපු අය තවත් එයාගෙන් ඒක ගැන ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒත් පැය ගානක් කැණීම් කරලත් කිසිම දෙයක් හොයාගන්න බැරි උන නිසා යොහානියි, අශානුයි ළඟපාතක නැති වෙනකම් ඉඳලා කට්ටියම යොහානිට පලු යන්නම බැන්නා. ඒත් එයාලා එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නැහැ කැලෑව ඇතුළට ඇවිදින්න යනවා කියලා ගියපු අර ඩබල එයාලගේ ලඟින් ඉඳලා ඔක්කොම වගේ අහගෙන හිටියා කියලා.

අන්තිමට අශාන් උගුර පෑදුවම තමයි කට්ටියටම එයාලා දෙන්නා ඒගොල්ලෝ ගාව ඉන්නවා කියලා තේරුණේ. ආපහු කට්ටිය වැඩට යනකම් බලන් ඉඳලා යොහානි සුසුමක් හෙලුවා මිසක් වෙන කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. අශාන් ටික වෙලාවක් එයා දිහා බලන් ඉදිය වුණත් 'ඇයි ඔයා අනිත් අයට බැන්නේ නැත්තේ?' කියලා අහපු නැති එකට යොහානි යටි හිතින් සතුටු උනා.

කෙල්ල මොකුත් කිව්වෙ නැත්තෙ මොකද? සමහර විට එයා දැනටමත් ඒවා ගණන් නොගෙන ඉන්න තීරණය කරපු නිසා.... එයාට ඒවා දැනටමත් පුරුදු වෙලා. කතාවක් තියෙන්නෙ ගල් ගහන ගහන්න ගහේ අතු පහත් වෙනවා කියලා. ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ කවුරු හරි උඩට යනවා නම් ඒ කෙනාගේ කකුලෙන් ඇදලා බිමට දාන්න. ඒ වගේම වැටුණු කෙනෙක්ට පුළුවන් තරම් මඩ ගහන්න. එහෙම නැත්නම් කොහේ හරි තියෙන ඕපදූපයක් හොයාගෙන ලුණු ඇඹුල් එක්කම ඒක රස කර කර අනිත් අයත් එක්ක කියලා ඒවා ඉක්මනින් ප්‍රචාරය කරන්න. අහන්න ඉන්න කෙනත් මේක ඇත්තද බොරුද කියල බලන්න නැතුව ප්‍රචාරණය කරනවා. නිකමටවත් හිතන්නේ නැහැ අනිත් කෙනාට මොනවා වෙයිද, එයා මොන වගේ දේකට ඒක නිසා මුහුණ දෙයිද කියලවත්. අනික මේ ලංකාවනේ. ලංකාවේ කොහොමත් අනිත් අය විශේෂයෙන්ම ගෑණු අය උඩට යනකොට තව තවත් කැපිල්ල දානවා. ලංකාවේ ඉස්සර ඉඳලම තිබුණු පුරුෂාධිපත්‍ය නිසා ගෑනු කෙනෙක් උස් තැන් වලට යනවා පිරිමි අයට බලන් ඉන්න බැහැ. එයාලත් ඒ තැනට යන්න උත්සාහ නොකර අනිත් කෙනාගෙ කකුලෙන් අදින්න හදන එකම තමයි යොහානිට වැඩිපුරම පෙන්නන්න බැරි දේ.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now