අටවන දිග හැරුම.....📜

205 55 60
                                    

අශාන් වගේම යොහානි දෙන්නත් එක්ක මෙච්චර වෙලා කටුනායක ගුවන් තොටුපොළට වෙලා මේ බලන් ඉන්නේ එනවා කියපු යොහානිගේ යාළුවා හම්බවෙන්න. ඒත් දැන් එයාලා මෙතැනට ඇවිල්ලා පැය තුනකට වැඩි වුණත් එනවා කියපු යොහානිගේ යාලුවා තියා යාලුවගෙ කෑල්ලක්වත් හොයාගන්න තිබුණේ නැහැ. අශාන්ට නම් ඕන වුණේ යොහානිගේ යාලුවා ආපු ගමන් හොඳ දෙකක් කියලා වෙලාවට වැඩ කරන්න කියලා දෙන්න.

"ආහ්... ස්ටෙෆාන්! අන්න එයා" යොහානි එක පාරටම අශාන්ගේ අතිනුත් ඇදගෙන දිව්වේ එයා ස්ටෙෆාන් කියලා පෙන්නපු දුඹුරු පාට කොණ්ඩයක් තිබුණු යුරෝපීය සම්භවයේ කොල්ලා ගාවට.

"Stefan here.... Hey look. We are here" යොහානි දුවන ගමන් උඩ පැන පැන ස්ටෙෆාන්ට අත වැනුවා. අශාන් නම් කරේ දුවන ගමන් එයාගෙ ඇඟේ හැප්පෙන මිනිස්සුන්ගෙන් හතරවටේම හැරි හැරි සමාව ඉල්ලපු එක. මෙතන එයාපෝට් එකේ මිනිස්සු එයාලට දාපු බැල්ම වල් වලට අනුව අනිවාර්යෙන්ම එයාලා දෙන්නට පිස්සු කියල හිතනව ඇති කියලා අශාන් අනුමත කරා.

"Hey Windy, after a long time" ස්ටෙෆාන් යොහානිව බදාගන්න ගමන් කිව්වා. "Who is he? Is he your boyfriend? Aren't you gonna introduce him?"

"He's not my boyfriend you coconut head. He's my best friend Ashan... Ashan Fernando" යොහානි අශාන් ට ස්ටෙෆාන්ව හඳුන්වලා දෙන ගමන් කිව්වා. "අශාන්.. මේ Stephan Paterson. මගේ සීනියර්"

"යොහානි, Are u kidding me? ඔයා දැන් ඔයාගේ senior ටද coconut head කිව්වේ" අශාන් ඇස් දෙකත් ලොකු කරන් ඇහුවා.

"Hey Mr. Ashan, Nice to meet you" ස්ටෙෆාන් අශාන්ට අතට අත දෙන ගමන් කිව්වා.

"Nice to meet you too Mr. Stephan" අශානුත් එයාට අතට අත දෙන ගමන් කිව්වා. "යොහානි මෙයා මෙහෙ වැඩි දවසක් ඉන්නේ නෑනේ?" අශාන් හෙමිහිට යොහානිගෙන් එහෙම සිංහලෙන් ඇහුවේ එයාට කොහොමටවත් මේ ස්ටෙෆාන් කියන හාදයව වැඩිය ඇල්ලුවෙ නැති නිසා. ඒත් යොහානි කරේ අශාන්ට රවලා වැලමිටෙන් හොඳ පාරක් අශාන්ගේ බඩට ගහපු එක. පස්සේ සමාවෙන්න වගේ බැල්මක් එයා ස්ටෙෆාන්ට දැම්මා. අශාන්ට හිතුනෙම යොහානිට ඉස්සෙල්ලා ආපු අගට වඩා පස්සේ ආපු කන ලොකු වෙලා කියලමයි. (දයාබර රීඩර්නිම්ස් අශාන් හිටපු ගමන් ප්‍රස්ථා පිරුළු අනිත් පැත්තට කියන බව කරුණාවෙන් සලකනු මැනවි )

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now