යොහානිට තුවාල උනාම අශාන් හොඳටම බය වුණා. ඒකත් මලකඩකාපු යකඩයකටනේ. යොහානි මෙහෙන් යන්න උන හේතුවට වක්‍රව හරි තමන්ට සම්බන්ධ වෙන්න වුන එකට අශාන් අවුරුදු හතක් තිස්සේ තමන්ටම දොස් කියා ගත්තා. යොහානිගේ තාත්තා එයාව ආපහු ලංකාවට එව්වේ තමන්ව විශ්වාස කරලා. ඉතින් අශාන් තමන්ගේ භාරයේ හිටපු යොහානිට සීරීමක්වත් වෙනවාට කැමැති වුණේ නැහැ. එහෙම තියෙද්දිත් යොහානි මලකඩ කාපු යකඩයකටම අත කපා ගත්තම අශාන් බය වෙන එක සාධාරණයි නේද?
අන්තිමේදී යොහානිව බලෙන්ම hospital එකට ඇදගෙන ආවේ තුවාල වුණේ මලකඩකාපු යකඩයකට වුණ නිසයි. ඒත් කොල්ලා හොඳටම දැනන් හිටියා යොහානි පොඩි කාලේ ඉදලම හොස්පිල්වලට කොච්චර වෛර කරනවද කියලා. ඒක නිසාම බලෙන්ම යොහානිව ඇඳන් යන්න තමයි අශාන්ට සිද්ද උනේ.
"බේරගන්න... බේරගන්න. මාව පැහැරගෙන යනවා. මෙන්න බාලාපරාධ කරන්න යනවා" යොහානි එහෙම හොස්පිට්ල් එක ඉස්සරහ ඉඳන් කෑ ගහන්න ගත්තේ ආශාන්ව හොඳටම අසරණ කරමින්. ඒ මදිවට එතන ඉඳපු අයයි, එතනින් එහාට මෙහාට ගියපු අයයි කොල්ලා දිහාවට අමුතු බැලුම් දාගෙන යද්දි අශාන් බොහොම අමාරුවෙන් යොහානිගේ කට වහලා ඒ අයට සමාවෙන්න වගේ බැල්මක් දැම්මේ තවත් මෙතැන වැඩි අවධානයක් ගන්න කොල්ලට කොහොමටවත්ම උවමනාවක් නොතිබුණ නිසා. අශාන් ඉක්මනටම යොහානිවත් ඇදගෙන hospital ඇතුලට ගියේ දැනටමත් යොහානිගේ උල් දත්වල දැඩි ග්‍රහනයට අහු වෙලා තිබුණු එයාගේ අසරණ ඇඟිලි ටික බේරගන්න ඕන වුණ නිසා.
එයාගෙ තුවාලෙට මැහුම් දාන්න වෙනවා කියලා දැනගත්තම යොහානි මුළු හොස්පිට්ල් එකම දෙවනත් කරා. අන්තිමේදී එයාට සිහිය නැති කරලා තමයි මැහුම් දාලා පිටගැස්මට බෙහෙත් විදින්නත් උනේ. ඒත් අන්තිමේදී ඔක්කොම ඉවර වෙලා යොහානිට සිහිය ආවට පස්සෙ අශාන්ට එයාගෙන් අශාන්ගේ මුළු අනාගතයම අඳුරු වෙලා යන්න පුළුවන් විදිය හොඳ පාරක් හම්බවුනා. පව් අහිංසක කොල්ලා. අන්තිමේදී යොහානිව ශේෂ් කරගන්න කඩචෝරු අරන් දෙන්න ගිහිල්ලා යොහානිගේ දඩේ නිසා අශාන්ට තව පොඩ්ඩෙන් හොටෙල් එහෙක පිඟන් හෝදන්නත් වෙනවා. මොකද අශාන් එයාගේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම දාලා ඇවිත් තිබුණ නිසා. අශාන්ට අනුව නම් එයා අද උදේ එළියට බැහැලා තියෙන්නේ එයාගේ හෙනහුරා නීචම වුණු වෙලාවේ.
YOU ARE READING
කාල දේවි (Not A Fanfiction)- On Hold
Historical FictionU better read the story. 😁 Cover credit - @Itran29 ⚠️A This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.