මම කිම් ටේහ්‍යුන්ග්.
අවුරුදු පහකට කළින් නම් මම... අවුරුදු පහේදී දෙමව්පියෝ දික්කසාද වුණාට පස්සේ අම්මා ළග හැදුණු ළමයෙක්. අහිංසක ළමයෙක්.
ඒත්... එක දවසින් හැමදේම කණපිට හැරුණා. මම කොල්ලෙක්ට දරුණු විදියට පහර දුන්නා. පාහර සල්ලිකාරයෙක්ගේ එකම පුතාට...
මාව පරිවාස භාරයට දැම්මා.
පාර්ක් බොගම්ව මට මුණ ගැහුණේ පරිවාස භාරයේදී.
මම අන්තිමටම එයාව දකිද්දී එයා හිටියේ ලේ විලක් මැද, ඇස් ඇරගෙන.
අපි මංකොල්ල කෑම් 17ක් සාර්ථකව කළා...
ඒත්... ආදරය එක්ක වැඩ පටලවගන්න එක කවදාවත් හරියන්නේ නෑ...
එදා ආරක්ෂකයා බොගම්ට වෙඩි තිබ්බ වෙලාවේ... මගේ රස්සාව වෙනස් වුණා.
මංකොල්ලකාරයාගේ සිට ඝාතකයාට...
ඒ නිසා මේ වෙනකොට..
දකුණු කොරියාව පුරාම පොලිස් ස්ථානවල මගේ පින්තූරය ඇලවිලා ඉවරයි... පොලීසිය දඩ බල්ලෝ වගේ මගේ පස්සෙන් පන්නනවා... අහුවුණොත් අවුරුදු තිහක සිරදඩුවමක්...
මට බැහැ හිරේ නාකිවෙන්න... මගේ සිරුර වගේම හිතත් කැමති පැනලා යන්නයි...
මගේ සිරුරට පැනගන්න බැරි වුණොත්... මගේ හිත හරි පැනලා යාවි... හරියට අතින් අතහැරුණු බැලුම් බෝලයක් වගේ...
නාස්ති කරන්න වෙලාවක් නැහැ... මට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක දෙයක් විතරයි... බොහොම වැදගත් දෙයක්...
------------------------------------------------------------------------------
මම ජන්ග් හොසෙක්.
ග්වන්ජු වල අනාථ නිවාසයක හැදුණු කෙනෙක්. ඒත් අවුරුදු දොළහෙදී... මම එතනින් පැනලා ගියා... සෝල් වලට...
හැම දෙයකම හොද පැත්තක් තියෙනවා... අදුරු වලාකුළක වුණත් රිදී රේඛාවක් තියෙනවා...
පැනලා ගිහින් සති කීපයකට පස්සේ සෝල් වල පාළු පාරකදී හමුවුණ පාර්ක් මින් ජූ නිසා මගේ ජීවිතේ වෙනස් වුණා...
YOU ARE READING
La Casa De Papel - BTS Version
FanfictionThree Rules: 1. No Killing 2. No Names 3. No Personal Relationships BTS version of La Casa De Papel. (NamJin/ YoonMin/ TaeKook) Do not copy.