අහස අදුරු කරලා හරියට කුණාටුවක සලකුණු කියන්න වගේ....වෙනදාට මිනිස්සූ පිරිලා ඉන්න පාර අද පාලුවට ගිහින්....කඩින් කඩ එළිය වෙලා තියෙන විදුලි ලාම්පූ නිවි නිවී පත්තු වෙන්වා...මේ හැම දේ දිහාම බලන් මං ඒ පාළු පාර දිගේ ඉස්සරහාටම ඇවිදගෙන ගියා...මගේ හිතේ බයක් නොතිබුනාම නෙවෙයි...ඒත් මට ජීවත් වෙන්න ආසාවක් තිබ්බේ නෑ...ඕනි දෙයක් වුන දෙන් කියලා මං කලිසම් සාක්කු දෙකටත් අත් දෙක දාගෙන ඉස්සරහාට ඇවිදගෙන ගියේ හිස් හැගීමකින්....
මං jeon jungkook...මට කාත් කවුරුවත් නෑ....අඩුම මට යාලුවෙක්වත් නෑ...මං මීට අවුරුදු දෙකකට කලින් හිටියේ අනාත නිවාසෙක...ඒත් දැන් මං රෑ දවල් නොබලා හම්බ කරන සල්ලී වලින් මට ඉන්න apartment එකක් ගත්තා....උදේට university ගිහින් lecture ඉවර වෙලා හවස 3.00 වෙද්දී මං හැමදාම ගියේ මින් හූ අජුස්සිගේ shop එකට...ඒක සාමාන්‍ය super market එකක් කිව්වොත් හරි....
හවස 3.00 ඉදන් රෑ 8.00 වෙනකන් මං මින් හූ අජුස්සිගේ shop එකේ වැඩ කලා....ඊට පස්සේ 8.00 ඉදන් පාන්දර 2.00 - 3.00 වෙනකන් සමහර දවසර ඊටත් වැඩී වෙලාවක් මං වැඩ කලේ night resturant එකක වේටර් කෙනෙක් විදියට....ඊට පස්සේ apartment එකට ගිහින් නිදා ගන්නවා...ඒත් ගොඩාක් වෙලාවට ඒ වෙලාවවත් මට නිදා ගන්න බෑ....lecture වල assignment complete කරන්න වෙන්නේ මට ඒ වෙලාවේ...සමහර දවස් වලට මං නිදියන්නෙම නැති තරන්....මට මේ ජීවිතේ දැන් එපා වෙලා ඉන්නේ....මං මොන තරම් හිංසා මැද්දේ උනත් ඉගෙන ගත්තා...කවදා හරි මේ අපායෙන් මිදෙන්න පුලුවන් වෙයි කියලා හිතලා...මං අනාතයෙක් නිසා ළමායි මට හැමදාම වද දුන්නා...මාව පිළිකුල් කලා....මං ඒ හැමදේම ඉවසුවා....මට මතකයි කවුරු හරි කෙනෙක් කිව්වා විදවන අය හැමදාම විදවන්නේ නෑ කියලා....මොකාද ඒහෙම කිව්වේ කියලා මට මතක නෑ...මතක තිබ්බා නම් ඌ එක්ක මං මගේ ආත්මේ මාරු කර ගන්නවා...මං අවුරුදු 21 දැන් විදවනවා...තාම විදවනවා....
YOU ARE READING
⚡𝑴𝒚 𝑨𝒍𝒊𝒆𝒏 𝑻𝒉𝒊𝒆𝒇⚡(TK) (Completed)
Fanfictionshote ff එකක් taekook තමයි ඉතින්...ඇත්තම මං ලියන පළවෙනි shote story එක ඒ වගේම පළවෙනි shote ff එක...කියවලාම බලන්නකෝ....😁😁😁😁❤️👽 Re Publish Date - 2024 /10 /29 ⚠️️Don't Copy⚠️️