"Zhan ඔයා නූඩ්ල්ස් කනවද? ඔයා දන්නවද මෙතන තමයි ලෝකෙ රසම නූඩ්ල්ස් තියෙන්නෙ""ඔයා කැමති ඕන දෙයක් මම කනවා බෝ"
"අනේ gege ඔච්චර රොමෑන්ටික් වෙන්න එපා. මට දරාගන්න බැහැ" එහෙම කියලා yibo නූඩ්ල්ස් කප් දෙකක් අරගෙන zhanගේ අතේ එල්ලිලා ඇල අයිනේ තියන බෙන්ච් එකකට ගියා. ටිකෙක් ටික අදුර වැටෙමින් තිබුනේ. වටේ පිටේ හිටිය කාටවත් එයාලා ගැන අවදානයක් තිබ්බෙ නැහැ.
"Zhange ඔයා shi එක්ක ඉද්දි මට දරාගන්න බැහැ. ඔයා ඉක්මනටම එයාට තේරුම් කරලා දෙන්න"
"ඔව් බෝ. මම ඉක්මනටම කියන්නම්. මම තාත්තලාට අද කිව්වා මම වෙන කෙනෙක්ට ආදරය කරනවා කියලා. එයාලා තේරුම් ගත්තා. මන් ලගදිම එයාලට ඔයාව මුනගස්සන්නම්"
"ඒත් මම කොල්ලෙක් කියල දැනගත්ත දවසට එයාලා කැමති වෙන එකක් නැහැ. මටත් හිතා ගන්න බැහැ අපේ ගෙදරට මේ ගැන කොහොමද කියන්නෙ කියලා"
"එයාලා අපිට ආදරෙයි බෝ. ඒ නිසා අකමැත්තෙන් වුනත් එයාල ඒක පිලිගනී. අනිත් එක ohan අපි ගැන දැනගෙන. එයා තමයි ඊයේ අපේ රූම් එකේ දොර වහගෙන ගිහින් තියෙන්නෙ. මම එයාට හැම දේම කිව්වා"
"අහ් දෙයියනේ ohan අපිව ඒ විදිහට දැකලද"
"ඒකට කමක් නැහැ බෝ. එයා මගේ ලගම කෙනා. එයා අපිව තේරුම් ගත්තා. මොනව වුනත් මීට පස්සේ අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕනි"
"ඔව් zhange මම නිසා කවද හරි ඔයාගේ කැරියර් එකට බලපෑමක් වෙයි කියලා මට බයයි. මිනිස්සු ඔයාව රෙජෙක්ට් කරයි අපේ සම්බන්දෙ ගැන දැන ගත්තොත්"
"මට මිනිස්සු සතුටු කරන්න ඕනි නැහැ බෝ. මට ඕනි ඔයා එක්ක මගේ ඉතිරි මුලු ජීවිතේම ගත කරන්න. මට ඕනි ඔයාගෙ උනුහුමට ගුලි වෙලා ඉන්න. බෝ මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ බෝ" එහෙම කියලා zhan.. yiboගේ අත් දෙකෙන් අල්ලගෙන ඒවා ඉබින්න පටන් ගත්තා.
"Gege මත් ආදරෙයි මගේ පනටත් වඩා. මම මැරෙනකන්ම ඔයා ගාවට වෙලා ඉන්නම්" කියල zhanගේ තොල් වලට බර වෙන්න ගත්තා.
Zhan ඉක්මනට අත තියල yiboව නැවැත්තුවෙ කවුරු හරි දකී කියන බයට. "පොඩ්ඩක් ඉන්න yibo අපි ඔයාගෙ අපාට්මන්ට් එකට යමු"
YOU ARE READING
You're mine again(Yizhan)
Fanfiction(Completed) මෙය 28 හැවරදි xioa zhan සහ 23 හැවරදි wang yibo නම් තරුණයන් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක්