ගෙදර ගියපු zhan අම්මටයි තාත්තටයි කතා කලේ yibo ගැන ගෙදරට කියන්න හිතාගෙන."තාත්තේ මම shi ට අද කිව්වා මම එයාට කැමති නැහැ කියලා. මම වෙන කෙනෙක්ට ආදරය කරනව කියලා එයාට කිව්වේ නැහැ දුක හිතෙන නිසා. එයා කාලයත් එක්ක ඒක දැන ගනී"
"ඉතින් පුතා ඔයාගේ girlfriend ව අපිට අදුන්වලා දෙන්න ඔයා තාම තීරනය කලේ නැද්ද" mrs.xiao ඇගුවා.
"මන් ඒ ගැන කතා කරන්න තමයි ඔයාලට එන්න කිව්වේ. මන් කියන දේ ගැන අහලා ඔයාලා කලබල වෙන්න එපා අම්මේ. ඔයාගෙ පුතාව තේරුම් ගන්න බලන්න ප්ලීස්"
"හරි පුතා ඔයා බය නැතුව කියන්න. මොකක් හරි ප්රශ්නයක් තියනවනම් අපි ඒක හිමීට විසදගමු"
දිග හුස්මක් ගත්ත zhan හිත හයිය කරගෙන කියන්න පටන් ගත්තා " එයා girlfriend කෙනෙක් නෙවෙයි boyfriend කෙනෙක්. මම එයාට මගේ පනටත් වඩා ආදරෙයි අනේ මාව තේරුම් ගන්න ප්ලීස්" ඒ වචන ටික ඇහෙනවත් එක්ක mr &mrs. Xioaට දැනුනෙ මුලු ලෝකෙම අදුරු වෙලා යනවා වගේ
"Zhan ඔයා කියන දේ ගැන තේරුමක් ඇතුවද ඔය කතා කරන්නෙ. ඔයාට පිස්සු හැදීගෙන එනවවත්ද කොල්ලෙක්ට ආදරේ කරන්න. ඔයා ඔයාගෙ කැරියර් එක ගැනවත් හිතුවද. රටේ ලෝකේ මිනිස්සු අපිට හිනා වෙයි ඕක ආරන්චි වුනොත්. අපි පාරෙ බැහැලා යන්නෙ කොහොමද. ලෝකෙට මුහුන දෙන්නේ කොහොමද" mrs.Xiao තරහෙන් කදුලු පිරි ඇස් වලින් කතා කලේ zhan ගැන ගොඩක් කලකිරීමකින්.
"අනේ අම්මේ මට මේක නවත්තන්න නම් කියන්න එපා. එහෙම වුනොත් දුකට මාව මැරිලා යයි. මම කවදාවත් කාටවත් මේ වගේ ආදරේ කරලා නැහැ. Yibo නැති වුනොත් මම පිස්සෙක් වෙයි අම්මේ. අනේ මාව තේරුම් ගන්න. මන් yiboත් එක්ක මේ රටින් යන්නම්. කාටවත් එතකොට අපි ගැන දැනගන්න බැරි වෙයි. මන් පොඩි කාලේ ඉදලාම අම්මලගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ නේද අම්මේ. මාව තේරුම් ගන්න තාත්තේ" කියලා zhan බිම දන ගහගෙන ඉකි බිද බිද කැගැහුවා.
Mrs.xiao කට අරින්න හදද්දිම එපා කියලා අතින් කියපු mr.xioa.. zhan ලගට ගිහින් එයාව නැගිට්ටුවා. "Zhan අඩන එක නවත්තන්න පුතා. ඔයා අඩනවා බලන් ඉන්න අපිට බැහැ. ඔයාගේ තේරීම ඔයා කරලා තියනවා. දෙමවුපියෝ හැටියට අපිට ඒකට කැමැත්ත දෙන්න බැහැ. ඒත් අපි අකමැත්තෙන් හරි හිත හදාගන්නම්. මොකද ඔයා ආපහු හැරෙන්නහැනේ අපි කොච්චර කිව්වත්. ඒ ලමයා කාගෙ කවුද"
YOU ARE READING
You're mine again(Yizhan)
Fanfiction(Completed) මෙය 28 හැවරදි xioa zhan සහ 23 හැවරදි wang yibo නම් තරුණයන් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක්