chapter 2

1.3K 199 1
                                    

6 months ago

උදේ පාන්දර නාලා කොණ්ඩේ කඩාගෙන මං ඔෆිස් යන්න ලෑස්ති වෙන්න පටන් ගත්තේ මගේ තිබ්බ office trouser එකට කහ පාට බ්ලවුස් එක යට කරන ගමන්..
කොච්චර දුප්පත් වුනත් ලස්සනට මං ඇන්දේ මං උපතින්ම ටිකක් ලස්සන නිසා ... ඇත් දළ පාට හමත් උස කෙට්ටු ඇගත් එක්ක ගොඩක් අය මට කිව්වේ මොඩ්ලින් කරන්න කියල ...
පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ බැංකුවක නෝනා කෙනෙක් වෙන්න නිසා දැන් ඒ හීනේ හැබෑ වෙලා තියෙනවා...
මුල් පත්වීම හම්බුනේ නුවර එළියේ බ්‍රාන්ච් එකකට .. ඉතින් මන් බෝඩිමක තමා හිටියේ .. 
ම්ම්ම් අදත් ඉතින් ගිනි දෙවිගෙන් අහගන්න වෙයිද දන්නේ නෑ .. හිත හිතම මන් ගියේ ලස්සනට ඇදපු දවසට ඔපිස් එකේ 2න්ඩ් ඔෆිසර් මට බකට් දාන නිසා ...
ගණන් ගන්න එපා ටාශා... ඔයා තමා බෙස්ට් ම...
කණ්නාඩිය ළඟට ගිහින් එහෙම කියල මන් එළියට බැස්ස...
අම්මෝ සීතල ...
නුවර එළියේ ඇගේ හිරිගඩු පිපෙන සීතලට මන් අත් දෙක එකට අතුල්ලගෙන මුනෙන් තියාගත්තා ...
කොහොම හරි බ්‍රාංච් එකට ගිහිල්ලා වැඩ පටන් ගත්තට පස්සේ සිතල කොහෙන් ගියාද දන්නේ නැ.....
මැනේජර් එන්න කිව්වා නිසා මං ටින් ගාලා එයා ළගට ගිහින් හිටගත්තා..

" ටාෂා අද ඔයාට හැන්ඩ්ල් කරන්න ලොකු කස්ටමර් කෙනෙක් ඉන්නවා... මේක ඔයාට දෙන්නේ ඔයා හොදටම මේ වැඩ දන්න නිසා... මිස් කරගන්න නම් එපා පුතේ මේක අපේ බ්‍රාන්ච් එකේ ටාගට් එකට ලොකු හිට් එකක් වෙනවා හොදේ "

මැනේජර් එහෙම කිව්වම මං කල්පනා කරේ අරයා බාල්දි දැම්මේ නැති නිසා මෙයා අද දෙන බකට් එක මොකක්ඩ කියලා.. මෙච්චර මිනිස්සු ඉන්න තැන මුන්ට මාවමනේ පෙන්නේ 🥺 සැක්... 

"ටාෂා ඇහුනද මං කියපු දේ... "

මැනේජර් ගේ කටහඩින් මාව ගැස්සුනා...

"අහ් යෙස් සර්... අයි ඩු මයි බෙස්ට්"

එහෙම කියලා යන්න හැරුනම..

"ඔහොම ඉන්න ළමයෝ මං තාම කියලා ඉවර නැ "
" මේකයි අද එන කස්ටමර් ඉන්නේ කොරියා වල ඉදලා එයාට ගොඩක් ඉන්ග්ලිෂ් දන්නේ නැ... ඔයා ඉතින් කොරියන් පිස්සනේ නිකන් හරි මෙයාල කියන දේ ඔයාට තේරෙනවනේ ටාෂා ඒක නිසා මෙයාව කොහොම හරි නම්මගන්න බලන්න එයා මෙහෙ හොටෙල් එකක ඉන්වෙස්ට් කරන්න ඉන්නේ... ඕන තරම් බැංකු මෙහෙ තියෙන නිසා ඔයා කොහොම හරි මෙයාව අපිත් එක්ක තියාගන්න බලන්න හොදේ එහෙම උනොත් මේ පාර බෝනස් ෂුවර් "

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now