🌸coincidence🌸

260 32 28
                                    

Chen ගේ Cherry blossoms song එක අනිවාරෙන්ම අහන්න මේක කියවන ගමන්🌸

මම උඩ දාලා තියෙන්නේ....

                     බස් රථයේ කවුළුවකට හිස තබා ගත් ඔහු සන්ධ්‍යා යාමයේ දුටු ඒ රූපය මනසින් සිහි කරන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                     බස් රථයේ කවුළුවකට හිස තබා ගත් ඔහු සන්ධ්‍යා යාමයේ දුටු ඒ රූපය මනසින් සිහි කරන්නට විය.ප්ලාස්ටික් මල්ලක් අතින් එල්ලාගත් ඇය ඔහු අසලට ආවේ ඇය අත වූ මල් මිටට සුළු මුදලක් බලාපොරොත්තුවෙන් මිස වෙනත් අරමුණකින් නොවේ.

වීදියේ සරණ දුප්පත් කෙල්ලක වූ ඇයගේ මුවෙහි වූ අව්‍යාජ සිනහව ඔහුගේ හදවතේ අන්තිම පුරුක දක්වා කිඳා බැස තිබුණි.

"අන්‍යාන්සෙයෝ"

"ආ"

"මල් ග..ගන්නවද?"

මල් මිටක් අතැතිව සිටි ඇය දසන් පෙළ දක්වා සිනාසෙමින් ඔහු දෙස බලා සිටියාය.සුදු පැහැති ඉරී ගිය ගවුමක් හැඳ සිටි ඇයගේ පිවිතුරු බව වසාලෑමට වස්ත්‍රයට හැකි වූවාදැයි ඔහුට සැකයක් ඉපදුණි.හිණ දක්වා වැඩි ඇති වෙනත් කොරියානු තරුණියත් සතු නොවූ විරල කෙස් කලඹකින් හෙබී ඇය පිටතින් බැලූ විට වයස අවුරුදු 17ක පමණ තරුණියක් වූවාය.පිළිවෙලකට බැඳ නොතිබූ ඇයගේ කෙස් කළඹ දස අත විසිර ගොස් තිබුණේ ඇයගේ දඟකාරකමට තව තවත් අරුත් එක් කරමිනි.

"මේ මොන මල්ද?"

"චෙරි බ්ලොසම්"

"චෙරි බ්ලොසම්"

පිවිතුරු ප්‍රේමය දලුලන චෙරිමල් සමය.මව්බිමේ අඟලක් අඟලක් පාසා චෙරිමල්වලින් ගැවසී යන්නේ කිසිඳු අයුරකට සම කළ නොහැකි අසම සම සුන්දරත්වයක් ආරෝපණය කරමිනි.

"සෙරප්පු දෙකක් නැද්ද?"

ඇයගේ හිසේ සිට පාදාන්තය දක්වා සුපරික්ෂාකාරී ලෙස නිරීක්ෂණය කළ ජන්කුක්ගේ දෑස් ඇයගේ දෙපාවල නැවතුණි.නිරුවත්ව තිබූ ඇයගේ පතුල් රතුවී තැන් තැන් තුවාල වී තිබුණේ බොරළු ආදියට වූ කැපීම් හේතුවෙනි.නමුත් එම වේදනාව ඇයගේ සිනහව සඟවා ලෑමට අසමත් වී ඇති සෙයක් ඔහුට පෙනී ගියේය.

Short Stories...🌸Where stories live. Discover now