🌸 රොබරෝසියන් 🌸

42 9 5
                                    

සිහින් තණකොළ පිරී ගිය නිල් තණපලස මත වාඩිවී සිටි ඇයට තවදුරටත් එහි සිසිලස නොදැනුණි.

"බහිරව කන්දේ කතාව අහල තියේද?"

"ම්ම්ම්"

"බහිරව කන්දේ කතාව"

"ඔයා හරි නරකයි ආශි.හැමතිස්සෙම මොකක් හරි දෙයක් කතා කරන්න යන්න හදනකොට කතාව වෙනස් කරනවා.ආ....හැබෑවටම ඔයා මොනවද නොදන්නේ"

ඈ ආශිගේ උරහිස මත හිස තබාගෙන නෝක්කාඩු ස්වරූපයෙන් අසන්නට වූවාය.

"මම කිසි දෙයක් දන්නෙ නෑ සකූ"

ඈ තමාට තුරුළු වී සිටින තම පෙම්වතිය දෙස බලා මිමිණුවාය.

"එහෙනම් ඔය කියවන්නේ.බහිරව කන්දයි අර කන්දයි මේ කන්දයි.මේ වගේ වෙලාවටමයි කඳු ගැන මතක් වෙන්නෙ.හුම්"

සකූ වේගයෙන් කියවාගෙන ගොස් නැවතත් තම මුහුණ ඇඹුල් කර ගත්තාය.

"අනේ දරුවෝ...මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ.ඇයි දැන් මේ විදියට හැසිරෙන්නේ"

ආශි හික්මවාගත් ස්වරයකින් කියන්නට පටන් ගත්තාය.

"ඔයාට මතකද අපි මුලින්ම හම්බුණ දවස"

"අනේ නෑනෙ"

"ඥෑහ් තමා.අනේ මගෙ කට"

"හරි හරි මතකයි.අට වසරෙදි ඉස්කෝලෙ තිබ්බ කානිවල් එකේදි.එදා අර හොල්මන් බංගලාව අස්සෙන් යද්දි ඔයා බයවෙලා කාවවත් හොයාගන්න බැරුව මාව බදාගත්තා අද වගේ මතකයි"

ආශි මඳක් සිනාසෙමින් පැවසුවාය.

දෙදෙනා හැඳ සිටි සුදු පැහැති සේද ගවුම් පින්නෙන් නැහැවී තිබුණත් හිරු එළියට ඒවා සෙමින් සෙමින් වියළී යන ආකාරය දෙදෙනාටම දැනුණි.

"පොඩ්ඩක් රස්නෙයි වගේ මැණික.අපි පොඩ්ඩක් හෙවණට යමුද?"

ආශි පැවසුවාය.

"හ්ම්ම්..යමු"

ආශිංසනා නැගිට සකුනිව තම දෑතේ හරහට ගත්තාය.දණහිස ළඟින් තම දකුණු පාදය සහ වම් පාදයේ ඇඟිලි සකුනිට අහිමි වූයේ අනතුරකිනි.

චිචිත්‍රවත්ම මෙන්ම ප්‍රේමණීයම නගරයන්ගෙන් එකක් වන මහනුවර නගරයට මේ දෙදෙනාගේ මෙම කතා බහ ආගන්තුව වූයේ නැත.

Short Stories...🌸Where stories live. Discover now