ii

1K 226 5
                                    

" ඔහ් ජිමින්... ඔයා දන්නවද මේ හැල්මොනී ඇයි තනියම ඉන්නේ කියලා....."

මම නෑ කියන්න ඔලුව වැනුවා... හැල්මොනී මගේ උරහිස වටෙන් අත දාලා ලගට අරන් ඒ අතින් මගේ ඔලුව පිරි මදින ගමන් අනිත්  අතින් පූන් බෝලෙගේ ලොම් අත ගෑවා... මට දැනුනේ මගේ ඔම්මා ලග ඉන්නවා වගේ... ඔම්මගෙ උනුහුම මට හැල්මොනී ගාවින් දැනුනා...

" මෙයා මගේ නෙමෙයි... මෙයා මගේ මුනුබුරාගේ හුරතලා... එයත් ඔයා වගේමයි... ඔයාට වඩා අවුරුදු තුනක් වැඩිමල්..."

3 years ago

මිනී : හැල්මොනී... හැල්මොනී.... මේ බලන්නකෝ... මට හම්බ වුනු දේ

හැල්මොනෝ : අයිගෝ මිනී... පාරේ ඉන්න ඔක්කොම සත්තු ගෙදර ගෙනාවම හරියනවද ආහ්....

මිනී : ඒත් හැල්මොනී එයාලා පවුනේ🥺

හැල්මොනී : අයිගෝ මගේ මිනී ඉතින් හොද බබෙක් කියලා හැල්මොනී දන්නවා... ඒත් පැටියෝ පාරෙ ඉන්න හැම සතාවම ඔහොම අරන් එන්න එපා... එයාලගෙ ඔම්මා අප්පා ඇවිත් හොයද්දී එයාලගෙ බනා නෑ කියලාදැන ගත්තම දුක හිතෙයිනේ....

මිනී : ඒත් හැල්මොනී මිනීව වගේ එයාලවත් එයාලගේ ඔම්ම අප්පා හොයන් ආවේ නැත්තන්... මිනීට වගේ එයාලට හැල්මොනී කෙනෙක් නෑනේ....

හැල්මොනී : 😢😔.... මිනී පැටියෝ.... 🥺 කවුරු නැතත් ඔයාගේ මේ හැල්මොනී ඔයාට ඉන්නවා.. හරි හරි කෝ බලන්න අපේ මිනීගේ අලුත් යාලුවා....

පුංචි මිනී එයාගේ අත් අතර සගවන් හිටපු දෙයක් පිටතට ගත්තා... හරියට පුංචි පුලුන් බෝලයක් වගේ දෙයක්...

මිනී : හැල්මොනී මේ බලන්නකෝ... මට හම්බ වුනා චූටි පුලුන් බෝල පූස් පැටියෙක්. 😁

හැල්මොනි : කොහෙන්ද මෙයාව හොයා ගත්තේ මිනී...

මිනී : මෙයා සීතලේ අයිස් ගොඩේ ගැහි ගැහී හිටියේ ඒ ලගම කාඩ්බෝඩ් පෙත්තියක් තිබ්බා... මන් හිතල්ලේ කවුලු හලි ගෙනත් දාලා.... හැල්මොනී එයා  පවු නේද 🥺

හැල්මොනී : ඇයි පවු කියන්නේ... දැන්  මේ අහිංසකයට අපේ මිනී ඉන්නවනේ...  මිනී හොද බබෙක්නේ...

මිනී : හැල්මොනී මට මෙයාව තියා ගන්න දෙනවද...

හැල්මොනී ලස්සන හිනාවකින් මූන සරසවන් ඔලුව ඔහල පහල වැනුවේ ඔව් කියන්න...

සතුටින් ඉහ වහා ගිය මිනී උඩ පැන ඔඇන කෑ ගහලා සතුටි වුනා... පුංචි මිනී දිහා බලන් හිටපු හැල්මොනීගෙ ඇස් තෙත් වුනා...

🐱 My Kitti Cat 🐱 ( yoonmin ) COMPLETEWhere stories live. Discover now