we haven't enough time

93 18 31
                                    

Part-06

ජිමින්  modern dancing  වලින් කොරියාවෙ ඉන්න හොදම අය අතරින් කෙනෙක් විදිහට ප්‍රසිද්ද වෙලා තිබුනා....ජිමින්ගෙ academy  එක  සෝල් වල තිබ්බ ලොකුම academy  එක වුනා.. ජිමිගෙ සාර්තක ජීවිතෙ එක්ක සතුටින් ජිමින්ගෙ ජීවිතෙ ගත වුනා...

    අද මුලු academy  එකටම නිවාඩු දවසක් වුනත් ජිමින් වෙනදා වගේම academy  එකට ගියේ නිදහසේ ටිකක් කාලය ගත කරන්න හිතාගෙන... අද ජිමින්ගෙ 54 වෙනි උපන් දිනේ..... ජිමින් dancing room එකේ mirror  එක ඉස්සරහ හිට ගත්තා..."" දැන් නම් සීයා කෙනෙක්ම තමයි...😔"" ජිමින් mirror  එකෙන් පෙනුනු තමන්ගෙ රූපෙ  දිහා බලාගෙන මිමිනුවා.. ඒ වචනෙත් එක්කම ජිමින්ට  මතකෙට ආවෙ හයිජිව.කාලෙත් එක්ක වැඩ වැඩි වෙද්දි පවුලෙ වගකීම් වැඩි වෙද්දි ජිමින්ට හයිජිගෙ මතකයන් සම්පූර්නෙන්ම අමතක වෙලා ගියා...ඒත් අද ආපහු ඒ මතක එකින් එක මතක වෙන්න ගත්තා.

  ජිමින් ඇස් දෙක තදින් පියාගත්තා..එදා ජිමින් පලවෙනියටම concert  එක වින් කරපු දවස මතක් කර ගත්තා...මිනිස්සු ජිමින් දිහා පුදුමෙන් බලන් හිටපු හැටි..ඇයි හයිජි..හෝල් එක පිරෙන්න කෑ ගහ ගහ ජිමින්ට cheer කරපු හැටි...ජිමින්ට දැනුනෙ ඒ දවසෙ ආපහු ජිමින් ජීවත් වෙනවා වගේ..ජිමින් හෙමින් හෙමින් අඩිය තියලා නටන්න පටන් ගත්තෙ අමතක වෙලා තිබ්බ හයිජිගෙ රූපෙ ටිකෙන් ටික හිතේ අදින ගමන්මයි...

""  මහන්සියී.."" ජිමින් ආපහූ සීතල පොලව උඩ වැතිරුනා..."" ඔයා හොදින් ඇති නේද හයිජි""   දාඩිය බිංදු ජිමින්ගෙ කොන්ඩ ගස් අතරින් බේරිලා ජිමින්ගෙ මූනට වැටුනා.. ජිමින් හවස් වෙනකන්ම academy  එකට වෙලා නිදහසෙ පරන මතකත් එක්ක ජීවත් වුනා...

ජිමින්ගෙ 4න් එකට හල්සු බැරිම තැන කෝල් එකක් ගත්තේ උදේ ඉදන් ජිමින් ගෙදර නොහිටපු නිසා...ජිමින්ගෙ උපන් දිනෙ නිසා ගෙදර පොඩි පාර්ටියක් arrange  කරලා තිබුනෙ හල්සුයි සේරී.. ජිමින්ගෙ ලගම යාලුවො දෙනෙකුත් එක්ක යුන්ගිත් ආවත් ජිමින් ආවෙ නැති නිසා හල්සු ජිමින්ට කෝල් එකක් ගත්තා..

"" මන්..එන්නම්"" ජිමින් 4න් එක කට් කරලා බිම තිබුනූ කෝට් එකත් අතට අරන් ගෙදර යන්න ගියේ ආපහු සැරයක් academy  එක දිහා බලලා..ජිමින් හිතාගත්තෙ academy  එක හල්සුට බාරදෙන්න.....

seven notesWhere stories live. Discover now