15

509 126 85
                                    

හෝසෝක්ව මුදුව සිය යහන මතින් හිඳවූ යුන්ගි, ඔහුගෙන් ඉවතට හැරී සිය නිකට දෙසට අත යොමු කරමින් හිස් වැස්ම රඳවා ඇති ගැටය සෙමෙන් සෙමෙන් ලිහිල් කරන්නට වුනා.

මොහොතකට නතරව හොඳින් හුස්මක් ගත් ඔහු, දෑතින්ම සිය හිස්වැස්ම ඔසවා එය කාමරයේ කෙලවරට විසි කර දැමුවා. ඒ ක්ෂණයෙන් මෙතෙක් වෙලා ඔහුගේ හිස් වැස්මේ උඩු කොටසට සිරව තිබූ දිගු කෙස් වැටිය පහලට වැටෙන්නට වුනා.

යුන්ගිට තිබුනේ ඉතාම අලංකාර රන්වන් පැහැයට හුරු තඹ පැහැති කෙස් කළඹක්. හිස් මුදුනින් එය එක්කාසු කර තිබුනත් දිගු කොණ්ඩය නිදැල්ලේ යුන්ගිගේ උරහිස් දෙපසින් කඩා හැලුනේ ඔහුගේ ආරෝහ පරිණාහ පෙනුම මැනවින් සම්පුර්ණ කරමින්.

වෙන දෙයක් වන්නට යයි සිතමින් යුන්ගි එක් වරම සිය දෑස් පියාගෙන හෝසෝක් දෙසට හැරුනේ සිතේ බියක් නොමැතිවම නොවේ. හෝසෝක් ඔහුගේ විරූපී පෙනුම නිසාවෙන් ඔහු දමා යතැයි යන්න නිරතුරුවම ඔහුගේ මනසෙහි හොල්මන් කල දෙයක්.

මොහොතකට කුටිය ඉඳිකටුවක් වැටුනද ඇසෙන්නාක් මෙන් නිශ්ශබ්ද වුනා. යුන්ගිගේ වේගයෙන් හුස්ම ගන්නා හඬ ඉතා තීව්‍ර ලෙස ඔහුටම ඇසෙන්නට වුනේ ඔහුව තවත් නොසන්සුන් කරමින්.

ක්ෂණයකින් ඔහුට දැනුනේ මුදු දෑතක් සිය දෙකොපුල් සෙමෙන් අල්ලා ගන්නා සෙයක්.නමුත් ඔහු තවමත් දෑස් හරින්නට බිය වුනා. හෝසෝක්ගේ මුහුණෙහි වූ හැඟීම් දකින්නට ඔහු ප්‍රථම වරට බිය වුනා.

ඔහු එක්වරම ඉදිරියට ඇදී ගොස් සුකොමල සිරුරක් මතින් යහනට ඇද වැටුනේ එක් ක්ෂණයකින්මයි.

"දෑස් හරින්න... කිමද දෑස් වසා සිටින්නේ" මුදු හඬින් හෝසෝක් එසේ කියද්දී යුන්ගි සෙමෙන් සෙමෙන් දෑස් විවර කරමින් ඔහු දෙස බැලුවේ ඉතාම චකිතයකින්.

නමුත් හෝසෝක් සිය හිරුවන් සුන්දර සිනහව පාමින් ඉතාම ආදරයෙන් ඔහු දෙස බලා සිටින අයුරු දුටු විට ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට වුනේ නිතැනිත්මයි. හෝසෝක් ඔහුව හෝ ඔහුගේ පෙනුම පිළිකුල් කරන්නේ නැහැ. යුන්ගිට දැනුනේ ඔහු ප්‍රීතියෙන් පුපුරා යතැයි කියා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now