@2*taekook

1.1K 173 22
                                    

අවුරුදු තුනක් තුනක් ගෙවිලා ගියා.. අද ජන්කුක් එයාගෙ අවසාන විභහගේට මුහුණ දෙනවා..

ටේහ්‍යුන් විතරක් නෙමෙයි මුලු යුනි එකම දැනන් හිටියා ජන්කුක් බැජ් ටොප් වෙනවා කියලා.. ජන්කුක් ටේහ්‍යුන්ට නොසෑහෙන්න ආදරේ කරා.. ඒත් එයා ඒක පෙන්නන්න ටිකක් මැලි උනා.. ඒ උනත් ටේහ්‍යුන් වගේම දන්න කියන හැමෝම දැනන් හිටියා ජන්කුක් ටේ වෙනුවෙන් පණ උනත් දෙනවා කියලා..

ටේහ්‍යුන් ඊට දෙවනි උනේ නෑ එයා ජන්කුක්ට පණ ඇරලා ආදරේ කරා.. දැකපු දවසේ ඉදන්ම

පලවෙනි හාදුවෙන් පලවෙනි හමුවෙන් පලවෙනි බැල්මෙන් ටේහ්‍යුන් ජන්කුක්ට වගේම ජන්කුක් ටේහ්‍යුන්ට පණටත් වඩා ආදරේ කරා..

අවසන් විභගගේ ලියන්න කලින් රෑ ටේහ්‍යුන් ජන්කුක්ව බදාගෙන එලිවෙනකන් ඇඩුවා.. ජන්කුක් වචනයක්වත් කිවුවේ නෑ.. එයා කරේ ටේහ්‍යුන්ව තමන්ගේ තුරුලට අරන් සනසපු එක විතරයි..

අවසානෙ ඒ දවස උදා උනා.. ටේහ්‍යුන් අඩලා අඩලාම අසනීප උන නිසා ජන්කුක් උපාධිය ගන්නවා බලන්න යන්නවත් ටේහ්‍යුන්ට පුලුවන් උනේ නෑ.. ඇත්තටම එයාට ඒ වෙලාවෙ නින්ද යන්න බෙහෙත් දීලයි තිබුණෙ..

ඔලුවත් අතකින් ස්පර්ශ කරන ගමන් ඇස් ඇරපු ටේහ්‍යුන්ගෙ ඇස් එක පාරටම ගියේ ඔරලෝසුව ගාවට.. වෙලාව හවස හතර සහහන් වෙලා තියනවා දැක්කම ටේහ්‍යුන්ට තරු පෙනුනා.. කදුලු එක පිට එක කඩන් වැටෙද්දී ටේහ්‍යුන් පොරවන් හිටපු බෙඩ්ශීට් එක පවා ඇදෙන් බිමට විසි කරලා පුලුවන් ඉක්මනින් එයාගෙ සපත්තු දෙක දාගත්තා..

ඇදෙන් බහිනවත් එක්කම දොර ඇරුන නිසා ටේහ්‍යුන්ගේ කකුල් මොහොතකට එතනම ගල් උනා..

කොහෙද දුවන්න හදන්නේ ආහ්.. නපුරු බැල්මක් දාන් ඉස්සරහට ආපු ජන්කුක් ටේහ්‍යුන්ගෙන් අහද්දී ටේහ්‍යුන්ගෙ ඇස් කදුලු වලින් පිරිලා ගියා..

හ්‍යොන්.. ටේහ්‍යුන් යන්තම් කොදුරද්දී ජන්කුක් අඩියෙන් අඩිය ටේහ්‍යුන්ට ලං උනා..

හ්ම්ම් මං තමා.. කොහෙද පණකඩන් යන්න හැදුවේ..

හ්_ යුන් සොරි.. මට දැනුයි ඇහැරුනේ.. මං හිතුවා ඔයා ගිහින්__

All Ship Stories You WaNt Where stories live. Discover now