පළමු දිගහැරුම 🍁🍁🍁

1.6K 99 51
                                    

බීලීඩ් වෙන එක නැවතිලා තියෙන්නේ... Now you can keep it up....

Shaggy......

Yes doctor......

Close it up dude....

Oky boss....
නියෝගයත් සමගම shaggy තමන්ගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයාට හිස නවා ආචාර කලේ ඔහු පිටව යාමට සැරසෙද්දීයි....

සැත්කමෙන් ඔලුව නිදහස් වූ ඔහු ඒ ඇසිල්ලකින් තමන්ගේ වෛද්‍ය කාමරය වෙත පියනැගුවේ ඔලුවේ දැනුන බර ගතියට පොඩි විවේකයක් වගේම සහනයක් සොයාගෙනයි.....

"සදෙව් නිලුපුල් ගංගනාත් රණසිංහ "

එසේ සඳහන් වූ වැසුණු දොරක් ඉදිරිපිට ඔහු මදක් නැවතිණි. සාක්කුවට අත දමා එහෙ මෙහෙ කොට සොයාගත් යතුරකින් දොර අගුලු විවරකොට ඇතුලට විත් දොර වසා දැමුවේය.

සීතල දෙසැම්බරයේ තවත් එක් හිමිදිරියක පටන්ගැන්මට හෝරාවක පමණ කාලයකටත් වඩා ඉතුරුව තිබෙන බව අත බැඳී ඔරලෝසුව කියපැවේ සෙමින් කටු කැරකෙද්දිය.

අඳුරෙහි ගිලි තිබු කාමරයෙහි විදුලි පහන් නොදල්වා.... ජනේලය අසලට ගිය ඔහු කවුළු පියන් විවර කොට සීතල වායුවෙන් තම පෙනහළු පිරෙන්නට හුස්මක් ගත්තේය..... කාමරයේ දොර වැසුවත් එහි අගුල නොදැමුවේ නැවතත් හදිසි ලෙඩෙක් රාත්‍රී යාමයේ ගෙන ආවොත් කාර්යමණ්ඩලයේ කෙනෙකුට එහි ලෙහෙසියෙන් ඇතුල් වීමටය. ජනේලය දෙසට තම සුව පහසු ආසනය හරවාගත් ඔහු දොරට පිටුපා වාඩි වී දෙනෙත් පියා හිස ආසනයේ ඉහල කොටසට බර කලේ මොහොතක විරාමයක් සඳහායි.....

ජනේලයෙන් පිටත් ඇති කානේෂන් සහ රෝස මල් වල මිහිරියාව තාම නාස්පුඩු අතර දඟ කරද්දී ඔහු නින්දකට මුල පිරුවේය....

නමුත් නින්ද තමන් කරා නොඑන බව ඔහු සක්සුදක් සේ දනී...

"එයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවේ...."

හිත අග රැදුනු සියුම් නොරිස්සුම එක්ක තරඟ කරන්නට ඔහු සුදානම් නැත.... මන්ද යත් මේ නෝක්කාඩුව රැඳී සිතුවිලි වල හිමිකරුවා තමන් වගේම සැත්කම් කාමරයක හෝ හදිසි අනතුරු අංශයේ හිරවී ඇතැයි ඔහු සිතු නිසාවෙන්මය...

තුන්වෙන්නේකුගේ ඇසින්.....

සුවපසු පුටුවකට බරවී දෙනෙත් පියා අවදියෙන් සිටින ඔහු.... නමින් "රණසිංහ ආරච්චිලාගේ සදෙව් නිලුපුල් ගංගනාත් රණසිංහ " නම් තිස්‌ දෙවන වියෙහි පසු වූ අන් අයගේ නෙත් සනහන දුටුවන් දෙවරක් හැරී බලන පැහැපත් නිවුණු රූපකායකට හිමිකම් කියනා උසින් අඩි සයක් ඉක්ම වූ දේහදාරී තරුණයෙක් විය. සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක දස්කම් අතින් සුපිරි හැකියාවක් ඇති හදවත් රෝග සුවකරන විශේෂඥයෙකි. නමුත් ඔහුගේ හදවත සුව කරනා ඔසුව තවමත් ප්‍රමාද වීම ඔහු තැබූ බරැති සුසුමන් හිස් අවකාශයට ගතු කියාපාන්නක් මෙනි.

ආදරයේ සොඳුරු මතක අතරේ ගිලෙන්නට ඔහුට ඇසිපිය ගසන නිමේශයත් ඇති වීය...
දැන් මෙහි සිටින්නේ ඔවුන්ගේ හදවත් සුව කරනා වෛද්‍යවරයා නොව සදෙව් නම් ආදරේ අනුරුව හිතෙහි මවා ගත් මිනිසෙකි....

මව් රටින් එතෙර මේපල් ගස් අතර දුටු රුවට ඔහු සිත වසඟ වුයේ මීට දැවුරුද්දකට පෙරාතුවයි.

සදෙව් තුන් අවුරුද්දකට පෙර කැනඩා රාජ්‍යයේ පශ්චාත් උපාදිය සම්පුර්ණකර ගන්න අවදියේ දීය .... නමුත් ඔහු නතර උයේ සසරේ පතා එන විලසට මුණ ගැසුන හදවිල කැළඹු ආදරයද තම දෝත දරාගෙනයි....

කල්පනාවේ නිමග්නව සිටි ඔහුට රාත්‍රී අඳුරේ "ක්ලික්" යන හඬක් නැගෙනවා ඇසුනද ඊට සවන් යොමු නොකළේ රාත්‍රී වැඩමුරයේ බොහෝ පිරිසක් සිටි හෙයිනි.... ඊට වඩා විඩාබර මනසට සුව දුන් මතකාවර්ජනය ඔහුට වටනේය.

"රෑ පින්න ඇතුලට එනවා.... යසයි මහ වෙදෙක් සැපපහසුවට දිගැදිලා කකුලුත් උඩ දාගෙන නිදි කිරන අපුරුව"

කාමරයේ තිබුණු සෝෆාව අසලින් නැගුන කටහඬට උඩ විසිවී හිස එසවූ සදෙව් ගේ.... මුව විවරවිය.... දෑසට නොපෙනෙන රුපකයක් වෙතොත් එ දෙසට ඔහුගේ මුවින් වදන් පුරන්නට ප්‍රථමයෙන් උණුසුම් අත්ලක් පැමිණ තම මුහුණ ස්පර්ශ කරනා අයුරු දැනෙද්දී.... තම හර්ද ස්පන්දනය පිටට ඇසෙනා තරමටම වේගවත් වන බව එතන සිටි අනෙකාටත් දැනෙන බව සදෙව් දැන සිටියේය......

~~~~~~~🍁🍁🍁

A/N
විරාමයක ලද අස්වැසිල්ලකි....

If you like then give a vote... If you have to say something then leave a comment....

❤Stay safe....
❤Stay blessed....

💙💙Teddy💙💙

🍁සුව අරණ🍁Where stories live. Discover now