සයවන දිගහැරුම 🍁🍁🍁

394 53 13
                                    


අරලිය මල් සුවඳ පාර පුරාවටම විහිදී මිහිරි සුවඳක් ගත දවටද්දී.... වෙහෙසකර මුහුණක් හා නෝක්කාඩුව ක්‌ රැඳී දෙනෙත බිමට නැඹුරු වූ  තරුණයෙක් වෛද්‍ය නිල නිවාස වෙත යන අරලිය මල් පෙති විසුල පාරදිගේ ඒවට රවමින් ඉදිරියට ඇදෙමින් සිටියේය....

අමුතු නොක්කාඩුවකින් හිත වෙලී ගියත් එලෙස පසවන්නට දෙතොල් විවර නොවුයේ වෛද්‍ය වෘර්තිය යනු ජීවිතයේම එක් කොටසක් වූ නිසාවෙනි.....

රාත්‍රී වැඩ මුරයෙහි අවසාන සනිටුහන් කරමින් ඊශාන්ත් රෝහලින් පිටවනවත් සමගම සදෙව් ඔපරේෂන් තියටර් එකට ඇතුළු වුයේ නවක රෝගියාගේ සැත්කම සඳහායි....  සුළු මොහොතකට ප්‍රථම රෝහලෙන් ඊශාන්ත් පිටවන මොහොතේ ඔහුගේ මුහුණේ ඇඳි තිබු ඉරියවු මතක් වී නැවත නැවතත් සදෙව්ට සිනහ පහල විය.....

"පොඩි එවුන් හොඳා තව...."

එලෙස සිතු සදෙව් දෙඅත් සෝදා තියටර් එකට ඇතුළු විය.

~~~~~~~~~~

🎶මා හා තුරුළු වීලා.....🎤
🎶දෑසේ කඳුළු බීලා.......
🎶රහසේ සුසුම් ලෑ හඬ ඇසේ.....

නානකාමරයේ වතුර මලෙන් වෑස්සෙන වතුරෙහි හඬ පරදා ගායකයාගේ හඬ උස්ව නැගී ගිය සොඳුරු මොහොත අවසානයේ.... ඔහු සුදු පැහැ තුවායක් ගත දවටා ගත්තේ ගතෙන් වෑහෙන එකදු දිය බිඳක්වත් පිස දැමීමට උත්සහයක් නොදරාමයි.....  මනාව හැඩතල විහිදී ගිය ඒ සිරුර දෙස කැඩපත තුලින් නෙත් විහිදු ඔහුට හීන් හඬින් සුසුමක් පිටවිය..... වෙනදා විවේක දවසට ඔහු හා උරෙනුර ගැටෙමින් සිටිනා රූපකායෙහි අඩුව ඔහු සිත මෙන්ම ගතද දුක් මුසු සුසුමකින් වෙලා අවසානය.....

හිස හෝ ගත නොපිහදා නානකාමරයෙන් නිදනකාමරයට පිනු ඊශාන්ත්..... ඉන රැඳී සුදු පැහැ තුවාය ගලවා එයින්ම හිස පිහිදමින් ගොස් අඳිනට සැහැල්ලු ඇඳුමක් සොයා ගෙන එය හිසට උඩින් ඇඳ උඩට විසි කළේය ....

උසට හරියන මහතකින් හෙබි ඔහු පුළුල් උරහිස් සහිත වී හැඩය අමුතු එළියක් එක්කර තිබුණි .... දෑතේ බාහු යුගලද මනාව පිරී මස්පිඩු වලින් ගහනවද තෙලෙලු පැහැයන් වාත්තු කලාක් මෙන් දිස් විය....
රවුම්ව උස්ව නැගුන පිටුපස..... එක්වරම දර්ශනයෙන් ගිලිහි ගියේ වෙනත් අයකුගෙන් යන්තමට පිටවූ සිනා හඬක් හේතුවෙන් ඔහුව අනෙත් පස හරවමිනි..... වැඩුණු පපුතුරක් මෙන්ම බදාමයෙන් ඇලවූ ගල් පතුරු සේ දිස්වන මාන්ෂපේෂි පසුකොට උස්ව නැගෙන්නට තැත් කල යටිකයත්..... මනාව පිරුණු දෙකළවත්, අනතුරුව නැවතත් ඊශාන්ත්ගේ මුහුනටත් දෙනෙත් යැවූ අනෙකා දෙස ඊශාන්ත් ගේ බැල්ම රවුද්‍ර විය.....

🍁සුව අරණ🍁Where stories live. Discover now