💚💚💚💚💚💚හිත පුරා පිරූ පෙරුමන්.......
මදි නිසාද මන්දා.....
මේ දෛවය, උඹව....
මගෙන් උදුරන්නට තතනන්නේ....
..................සත්තයි මැණික.....
උඹ නැතුව, වෙන කෙනෙක් නම්.....
එපා මේ ජිවිතයට.....
ඉන්නම් මං සදා තනිව...
නුඹේ මතක අවුස්සමින්.....(මං උඹේ ගඟු.... )
💚💚💚💚💚💚රජීව් ගාන්ධි ගුවන්තොටුපලේ පිටවීමේ පුවරුව පසුකර යන.... රුපයෙන් පොහොසත්.... වයස තිස් ගණන්වල මුල් අවදිය පුර්ණ කරනා තරුණයන් දෙදෙනෙකි...... අඩි හයකට සමාන උසකින් යුතු උවද.... එකෙක් අනෙකාට වඩා අඟල් දෙකක් පමණ උසින් වැඩිය.... ගණ කළු පැහැ කොණ්ඩය ජෙල් කර උඩට පීරා තිබුණි..... මනාව වැඩුන රැවුල මුහුණට කඩවසම් පෙනුමක් එක් කර ඇත.... නෙත පැළඳි අවුකන්නාඩියෙන් වැසුන දෑස කුමක් කරන්නේ ද යැයි කිසිවෙක් නොදනී....
ගුවන්තොටු පලින් එලියට බට ඔවුන් ඉදිරියට පැමිණියේ... කුලී රථ රියදුරෙකි...... වයස හැටක් ඉක්මවූ වූ මහලු මිනිසා යටහත් පහත්ව කුලී රථ සේවාවක් අවශ්‍යදැයි විමසීය......
සිය ගමන් මලු වලින් රථය පිරවූ දෙදෙනා..... පසුපස අසුනට ගොඩ විය....
මහලු මිනිසා පිටුපස අසුන දෙස බැලුයේ..... ගමනාන්තය පිලිබඳ දැන ගැනීමටයි......
""සංඝාරෙඩ්ඩි....""
රුපයෙන් කොතරම් අග තැම්පත් වුවද.... ඔවුන්ගේ මුහුණෙහි කිසිඳු හැඟීමක් නොවිණි..... කියවා ගත නොහැකි හැඟීම් ගොන්නක් ඔවුන් තුල සඟවා ඔවුන් නිහඬව සිටි.....
සංඝාරෙඩ්ඩි යනු.... රාජිව් ගාන්ධි ගුවන්තොටුපලේ සිට පැයයි විනාඩි පහලවක් පමණ යන ගමනකි..... ගමනෙන් විනඩි දහයක් ගතව තිබුනද දෙදෙනාගෙන් එකෙකු හෝ කට හොලවනව බව නොපෙනුණි....
""මගේ ඔලුව රිදෙනවා.... මං ටිකක් නිදා ගන්නද...."" පැහැපත් මුහුණක් සතු තරුණයා හඬ අවදිකළේය.....
අනෙකා උකුල මත වූ ගමන් මල්ල පසෙකින් තබා ඔහුගේ හිස තම උකුල මත තබා ගත්තේය..... ඔහුගේ අතැඟිලි... උකුල මත ඇති හිසෙහි ගණ කෙහෙරැලි අතර සීරුවට දඟ කරන්නට විය.... හිසට දැනෙනා සනිපවත් සුවය නිසාවෙන්ම අනෙකාගේ දෙනෙත් පියන් වැසී ගියේය..... සීරුවට උස්පහත් වන පිරිපුන් පිරිමි පපුව සුව නින්දක ඇරඹුම කියා පෑවේය.... දෙතොලතර රැඳී මදහස .... අනෙකාගේ මුවගටද සිනාවක් කැඳවිය.....
YOU ARE READING
🍁සුව අරණ🍁
Romance🌹ජීවිත අසපුවේ සුව විරාමය.... 🌹හදවත් දෙකක් සනහාලූ ආදරය.... 🌹දෙවියන්ගෙන් වරම් ලැබූ ජිවිත....