ලන්ඩන් Oxford street හී අලුත් නවාතැනට පැමිණ මම ඉක්මනින් ඇදට වැටුණෙමි.සවස් භාගයේ රැකියාවක් සොයා යා යුතුය.ලන්ඩන් ජීවන වියදම උපයා ගැනීම එතරම් පහසු නැත.මෙහි මා දන්නා අදුරන අය නැති තරම් ය.ඇවලෝන් වලදි නම් කැත්රින් ආර්යාවගේ නිවසේ රැකියාවක් කර මුදල් උපයා ගත්තෙමි.මෙහිදීත් එවන් රැකියාවක් ලද්දේ නම් පහසු යැයි මට සිතේ.නමුත් සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇත.ජංගම දුරකතනය අතට ගෙන මා ලන්ඩන් හී ප්රභූ පවුල් සෙව්වෙමි.ඉතා විශාල වූ ලන්ඩන් නගරයේ මගේ පාසලටත් නවාතැනටත් ආසන්න ප්රභූ පවුල් හමු වූයේ දෙකකි.ඉන් එකක් Morgon පවුල වූ අතර අනෙක Pendragon පවුල විය.පාරම්පරිකවම පවුල් දෙකම උසස් තත්වයක් ඉසිලීය.එම පවුල් දෙකෙන් එකක රැකියාව ලැබේ නම් යහපත් ය.එහෙත්..ලැබේවිද?..
හවස් භාගයේ මා කබාය ඇදගෙන වීදියට පැමිණියේ රැකියා අයැදුම් පත් යොමු කිරීමටත් සිතාය.Morgon හා Pendragon පවුල් දෙකටම අයදුම් පත් යොමු කල මා නගරයේ ඔහේ ඇවිදිමින් ඉදිරියට ආවෙමි.
"මෙච්චර දියුණු රටේ ජොබ් නැතුවටද සර්වන්ට් ජොබ් හොයන්නේ"මගේ සිත මගෙන්ම අසයි.
"අනේ මංදා.ඇවලෝන් වල නම් සර්වන්ට් ජොබ් එකත් නම්බුකාරයි.ඒත් නගරයේ දී උගත් කමත් එක්ක ජොබ් හොදට තියෙනවා."සිත මා සමගම තර්ක කරයි.කොතෙක් රැකියා තිබුණද පුරුදු රැකියාව තරම් මගේ සිත් නොගනි.නමුත් අධ්යාපනය අවසන් වූ පසු හෝ උගත්කමට සරිලන රැකියාවක නිරත විය යුතුමය.දැනට ස්වන්ට් ජොබ් එකක් කරනවා."අහ!මේ අපේ ක්ලාස් එකේ නිව් කමර් මර්ලින් නේද?"මගේ කල්පනා ලොව බිදී ගියේ කන ළඟින්ම ඇසුණු කෑ ගැසීමත් සගය.
'කවුද මල්ලි මේ😂'මගේ නොසන්ඩාල සිත කියවයි.
"ම්ම්..ඔබ??"
"මම පීටර් පාකර්.ඔබේ ක්ලාස් මේට් කෙනෙක්.ඔබ අද පැමිණියාට කතා කිරීමට හැකි වුනේ නැහැනි"
"ඕ..හමුවීම සතුටක් පීටර්"
"කොහිද ඔබ මේ යන්නේ"
"නගරයේ මොහොතකට ඇවිදින්න සිතුවා..ඒකයි මේ.."
"ඔහෝ.ඒකියන්නේ ඔබ නගරයට අළුත්?"
"ඔව් මම මෙහෙ නෙමේ."
"එහෙනම් නගරය ගැන දැනගන්න ගොඩක් දේවල් තිබේවි ඔබට."