නවාතැනට ආ සැටීයේම Gaius දුන් දුරකථන අංකයට මම නවාතැනේ ලිපිනය දන්වා කෙටිපණිවුඩයක් යැව්වෙමි.සවස්වරුවේ ඔහු එන බව කී නිසාත් නිවස තුල කතාබහ කිරීම උචිත බවත් ඔහුගේ අදහස වූ නිසා අද නිවසනි පිටතට නොගොස් නිවස තුළටම වී සිටීමට මට සිදුවිණි. Morgon නිවසින් මගේ රැකියා අයැදුම ප්රතික්ෂේප කර කෙටි පණිවුඩයක් එවා තිබිණි.යම් කනගාටුවක් සිතේ උපන්නද Pendragon නිවස පිළිබද යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට මට හැකි විය.නමුත් එය්ද ප්රතික්ෂේපවේදෝයි යම් බියක්ද දැනිනි.එසේනම් තවත් රැකියා සෙවීමට මා කටයුතු කල යුතුය.දුරකතනය අතට ගෙන රැකියා අයැදුම් කිහිපයක්ම පුරවා මා ඊමේල් කලෙමි.ඒ කිසිදු රැකියාවක් මා බලාපොරොත්තු වූ අයුරේ ඒවා නොවූවද කෙසේ හෝ ජීවත් වීමට මාර්ගයක් සොයාගත වූ බැවින් යැදුම් පත් යොමු කලෙමි.වෙලාව තවම සවස හයය.Gaius පැමිණීමට තවත් බොහෝ වෙලා ඇත.මම මොහොතකට නිදාගැනීමේ අරමුණෙන් ඇදට වැටුනෙමි.උපරිම පැයකට ආසන්න කාලයක්වත් මාහට නින්දා ගැනීමට හැකි වූයේ නැත.මෙවර මගේ සිහින අලුත් වී තිබේ.එක් කතකගේ ඡායාවක් මෙවර මහට පෙනුනි.මුව අපැහැදිලි උවද වරක සුන්දර යෞවනියක ලෙසද තවත් වරක දරුණු යුවතියක් ලෙසද ඇය දිස්විණි.මට යමක් කමක් වැටහෙන දා සිටම මේ පෙනෙන සිහින වල අරුත අදටත් මම නොදනිමි.නොදන්නා කලදි මා බියවී නින්දෙන් ඇහැරෙන බවත් එවිට මා හට නින්ද ලගා කරවීමට අපහසු බවත් අම්මා කියා තිබේ.නමුත් ඒ කාලයේ සිදුවීම් මගේ මතකයේ නැත.දැනුම් තේරුම් ඇති කල දී මගේ හැකියාව පිළිබද පියා නිහඩ පිළිවෙතක් අනුගමනය කල නමුදු මා අසනා විට ඔහු "හරි කාලයේදි මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා මර්ලින්"යැයි කියයි.අදටත් බලා සිටින නමුදු ඔහුගේ 'හරි කාලය' තවම නෑවිත් ඇත.නමුත් මහට අවශ්ය වූ සෑම මොහොතේම ඔහු යම් බලවේගයක් වී මා රකින බව මට හැගෙයි.
"දෛවයට මුහුණ දෙන්න.බයවෙන්න එපා!"ඔහු කියයි.මවගෙත් පියාගෙත් මතකය මගේ නෙත් අග කදුලක් රැදවීමට සමත් විය.ඔවුන්ට දුරකතන ඇමතුමක් ගත්තේ මා ක්ෂණිකයෙනි.
"අම්මා.."
"මර්ලින්.." මවත් පියත් හා කතා බහෙන් අනතුරුව මා දුරකථන තැබුවේ සිතේ සැනසුම යලිත් දැනෙද්දිය.අදත් පියා කියුවේ "දෛවයට මුහුණ දෙන්න බය වෙන්න එපා"කියාය.මම දෛවයට බය නැත.එහෙත් අමුත්තක් දැනෙන බව නම් ඇත්තකි.