"මර්ලින්!! ඉක්මන් කරනවා!!"ආතර් කෑ ගැසීය.
"ඔයාට ශුවර්ද ආතර්?? මේක හුගක් පරණයි!දිරලත් එක්ක!!"මර්ලින් අතරැදි දිග කබයක් එහෙ මෙහේ හරවමින් ආතර්ගෙන් ඇසීය.
"වෙන කරන්න දෙයක් නෑ.අර මෝඩයා කබයත් උස්සල..ශිට්..වෙනදට පැනගන්නේ ඒකෙන්..!"තමාගේ පෙර පෞද්ගලික සේවකයාට බනිමින් ආතර් පැවසීය.
"ආතර්!!මම ඇතුළට එන්නද?"
"මොනවද බලන් ඉන්නේ.ඉක්මනට ඕක හංගනවා"මොර්ගානාගේ කටහඩ ඇසුණූ ආතර් මර්ලින්ට කීවේ ය.මර්ලින් ඉක්මනින් කබය ඇද තුළට එබුවේ ආතර් දොර විවර කරනවාත් සමගමය.
"ඕහෝ!! ඔබත් තාම මෙහෙද මර්ලින්!"ආතර්ගේ කාමරයට ඇතුළු වූ මොර්ගානා මර්ලින් දැක විමසීය.මර්ලින් සිනහ පෑවේය.
"ඔබ මොනවා හරි වැඩකටද ආවේ මොර්ගානා !!"තමා හා මර්ලින් කරන්නට යන වැඩේ අසූ වේදෝ යන බියෙන් ආතර් ඉකමනින් ඇසීය.
"ඇයි දැන් මට මගේ සහෝදරයා හමුවෙන්න එන්න පුළුවන් වැඩක් තිබ්බොත් විතරද?"මොර්ගානා නොක්කාඩුවෙන් ඇසීය.ඇය කාමරය පුරා ඇවිද යන්නට වූයේ සැකයෙන් මෙනි.
"ඒක නෙමෙයි ආතර්!"
"ඔ..ඔව් මොර්ගානා ,මොකක්ද?"
"ආයේ හොරෙන් කොහිද යන්න යන්නේ?"ආතර්ගේ දෑසට එබී මොර්ගානා ඇසුවාය.
"අ..අපි..න්..නෑ.."
"ඇත්තෙන්ම !! ඔබ කොහොමද දන්නේ!!"ආතර් බේරෙන්න වචන ගැට ගසමින් සිටින අතරේ මර්ලින්ගේ කට ඉස්සරහ විය.
"මර්ලින්!!!"ආතර් කෑ ගැසීය.
"ඇයි ආතර්!!ඇය හරියටම කිව්වා.."මර්ලින් ආතර් දෙස බලමින් කිව්වේය.මොර්ගානා සිනාසුනේ ආතර්ගේ හොර වැඩ අතටම අසුවීම නිසාය.හිසට අතක් තබාගෙන මර්ලින්ට රැවූ ආතර් මොර්ගානා දෙසට හැරුනි.